රථවාහන වැරදි දඩ කොළය තැපෑලෙන් නිවසටම

317

රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත‍්‍රිකාවක් තැපැල් මගින් නිවසටම යැවීමේ ක‍්‍රියාදාමය කඩිනම් කිරීමට සැලසුම් කර තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

කොළඹ නගරය ආවරණය වන පරිදි මංසන්ධි 33 ක සමීප රූප අවේක්‍ෂණ කොට්ඨාසය මගින් නිරීක්‍ෂණය සිදුකරනු ලබයි.

ජනතාව සහ දේපළවල ආරක්‍ෂාව ප‍්‍රධාන තේමාව කරගත් මෙම කොට්ඨාසය මගින් අපරාධයක් සිදුවීමට ඇති හැකියාව තුරන් කිරීම, අපරාධයක් නිරීක්‍ෂණය කර පියවර ගැනීම, අපරාධයක විමර්ශන කටයුතු සඳහා සහභාගිවීම වැනි කටයුතු සිදුකරනු ලබන අතර රථවාහන වැරදි නිරීක්‍ෂණය කිරීම ද මෙමගින් සිදුකෙරේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment