රථ වාහන ලියාපදිංචි ගාස්තු වැඩිවෙන හැටි

652


හෙට සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව පළමුවරට ලියාපදිංචි වීමේ දී සීසී 1600 හෝ සීසී 1600ට අඩු මෝටර් රථ සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 25,000කි.

එමෙන්ම සීසී 1600ට වැඩි කිලෝවොට් 80ට වැඩි මෝටර් රථ සඳහා ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව රුපියල් 40,000කි.

ආබාධ සහිත පුද්ගලයින් භාවිත කරනු ලබන වාහන සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 2000කි.

මෝටර් ගිලන් රථල මෝටර් අවමංගල්‍ය රථ සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 10,000කි.

යතුරුපැදි සඳහා ලියාපදිංචි ගාස්තුව රු 3,000ක් වන අතර විශේෂ කාර්ය වාහන පළමු වරට ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු 30,000කි.

advertistmentadvertistment
advertistmentadvertistment