රන්ජන්ගේ නිදහස වෙනුවෙන් මමයි මනූෂයි ජිනීවා යනවා – හරීන් කඳානේදී කියයි

208

මානව හිතවාදී අපගේ සටන් සගයා රන්ජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ නිදහස වෙනුවෙන් අලූත් වටයකින් කටයුතු කරන්න මමත් මනුෂ නානායක්කාර මහතාත් ජිනීවා නුවරට යනවා.

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් මමයි මනූෂයි ජිනීවා යනවා - හරීන් කඳානේදී කියයි

ජාඇල සමගි ජන බලවේගය කාන්තා බල මණ්ඩලය පිහිටුවමින් 27දා සවස ජාඇල සමගි ජන බලවේගය ආසන සංවිධායක නීතිවේදී ශිරන්ත අමරසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක`දාන නගරයේ පැවති උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා එසේ පැවසීය. මන්ත‍්‍රීවරයා එහිදී තවදුරටත් මෙසේද කීය.

‘‘අපි ජිනීවා යද්දී එයාර්පෝට් එකේදී අපිව අල්ලයිද කියන්න බෑ. මොකද මම පහුගිය දිනක පාර්ලිමේන්තුවට කුඩා විදුලි පන්දම් පනහක් රුපියල් සියය ගාණේ මිලදී අරගෙන ගියා. ඒ අරගෙන ගියේ කොයි වෙලේ පාර්ලිමේන්තුවේ ලයිට් යයිද නොදන්න නිසයි. අපි පොලිසියට බලපෑම් කරලා ඒ දේවල් ගෙනිච්චා කියලා දැන් පොලිස්පතිට පැමිණිලි කරලලූ. මම කියනවා එදා ක්‍ක්‍ඔඪ කැමරා චෙක් කරන්න පුළුවන් අපි පොලිසියට බලපෑම් කළාද කියලා. ඒ කෙසේ වෙතත් අපි රන්ජන්ගේ නිදහස වෙනුවෙන් අලූත් වටයකින් කටයුතු කරනවා.”

කදාන – රුක්මන් පින්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment