රන්ජන්ට එරෙහි දෙවැනි අපහාස නඩුව මාර්තු 9දාට කල් යයි

182

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති දෙවැනි නඩුව ලබන මාර්තු 9 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24දා) නියෝග කළේය.

එම නඩුව එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ හා ඒ. එච්. එම්. ඞී. නවාස් යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එම නඩුවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා නඩුව වෙනත් දිනයක කැඳවන ලෙස නීතිඥ අෂාන් ප‍්‍රනාන්දු මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති වෙනත් නඩු කටුත්තක් සම්බන්ධයෙන් එක්තරා රූපවාහිනි මාධ්‍ය ආයතනයක පැවැති වැඩසටහනකදී කළ ප‍්‍රකාශයක් මගින් අධිකරණයට බැලූ බැල්මට අපහාසයක් සිදුවී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයක් අනුව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාට ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලයේ බාහිර උපාධි පාඨමාලාවට ආදාළ පාඩම් මාලා මාර්ගගත (ඔන්ලයින්) ක‍්‍රමය ඔස්සේ ලබාදීමට අවශ්‍ය පහසුකම් මේ වනවිට ලැබී ඇති බවත් ඒ සඳහා නිසි පියවර ගත් සියලූදෙනාට ස්තුතිවන්ත වන බවත් රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප‍්‍රනාන්දු මහතා කීවේය.

පෙර නඩු දිනයේදී අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව රන්ජන් රාමනායක මහතා ඊයේ (24දා) විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක


 

advertistmentadvertistment
advertistmentadvertistment