රන්ජන්ට නිදහස දෙන්න හදයි

826

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත වැරදිකරු වී සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සඳහා කටයුතු කිරීමට මේ වන විට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත .ඒ සඳහා හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් ඊට අදාළ ලියකියවිලි සකස් කරමින් යන බවද වාර්තා වේ. රංජන් රාමනායක මහතා නිදහස් කර ගනීමට අවශ්‍ය නීතිමය උපදෙස් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාගෙන් ලබා ගැනීමට ද තීරණය කර ඇත .මේ සම්බන්ධව ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment