රන්ජන්ට ළඟදීම  පූර්ණ නිදහස ලැබෙණු ඇති – සජිත් අපේක්‍ෂාවෙන්

106

මානව හිතවාදියකු මෙන්ම ජනතාවගේ හිත දිනාගත් දේශපාලනඥයකු ද වන රන්ජන් රාමනායක මහතාට නුදුරු දිනකදී පූර්ණ නිදහස ලැබේවි කියා ඔහු මෙන්ම තමන් ඇතුළු සියලු දේශපාලඥයන් මෙන්ම ලංකාවාසී සියලු දෙනාම අපේක්ෂාවෙන් පසුවන බව වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 වැඩි දවසක් යන්නට පෙර රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබේවි කියා අපේක්ෂා කරන බවත්, ඒ දවස එනතුරු බලා සිටින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසීය. ඔහු සැබෑ මානව හිතවාදියකු වන අතර ජනකාන්ත කලාකරුවකු ලෙස ද මහත් මෙහෙවරක් ඉටු කොට තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (30දා) පැමිණි අතර දීර්ඝ වේලාවක් අදහස් හුවමාරු කරගැනීමට ද හැකි විය. මානව හිතවාදී දේශපාලනඥයකු මෙන්ම, ජනකාන්ත කලාකරුවකු ද ලෙස අඛණ්ඩ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති රන්ජන් රාමනායක මහතා නිදහස් පුරවැසියකු ලෙස සමාජයට පැමිණ, නැවතත් ශක්ති සම්පන්නව සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කරනවා දැකීම ඒකායන පරමාර්ථය බවද විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment