රන්ජන් අද හෝ සඳුදා නිදහස්වේ: හරින්ගෙන් ෆේස්බුක් සටහනක්

104

බන්ධනාගාරගතව සිටින ප්‍රවීණ රංගන ශිල්පි රන්ජන් රාමනායක මහතා අද හෝ ලබන සඳුදා (26 හෝ 29) නිදහස ලබන බව තමාට විශ්වාස යැයි ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (25 දා) ෆේස්බුක් සටහනක් තබා ඇත.

රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන ලෙස තමා සහ ඇමැති මනුෂ නානායක්කාර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ යන මහත්වරුන් හමුවී ඉල්ලා සිටි බවත් ඔවුන් දෙදෙනා ඉටුකරන සුවිශේෂී මෙහෙවර අගය කරන බවත් එම සටහනේ සඳහන් වේ.

රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ආණ්ඩු පක්‍ෂයේ විපක්‍ෂයේ සහ කලාකරුවන් රැසක් ද ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලීම් කර තිබිණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment