මම රන්ජන්ට තර්ජනය කළේ නෑ….

292

රන්ජන් – ඩිලානි නිව්යෝර්ක්වලදී පැටලුණු හේතුව මෙන්න…

‘ගේම්’ චිත්‍රපටය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ප්‍රදර්ශනය කළේ එහි වෙසෙන ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධනගේ සංවිධායකත්වයෙනි.

චිත්‍රපට දර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වූයේ රන්ජන් රාමනායකය. සිර දඬුවමෙන් නිදහස්වූ රන්ජන්ගේ පළමු විදෙස් සංචාරයද මෙයවේ. චිත්‍රපට දර්ශනය අවසන්ව දිනකට දෙකකට පසුව රන්ජන් සහ ඩිලානි අතර ඇතිවූ මත ගැටුමක් සමාජ මාධ්‍ය ඔස්සේ කරලියට පිවිසියේ දෙදෙනා වරින් වර කරනු ලබන ප්‍රකාශයන් ඔස්සේය.

● සිනමාවේ වැඩි වාර ගණනක් ඔබේ පෙම්වතා වුණේ කවුද?

රන්ජන් රාමනායක තමයි ඉතිං.

● රන්ජන් ගයන රන් සමනළ ජෝඩුව වාගේ ගීයට ඔහු සමග චිත්‍රපටයේ පෙනී සිටියෙත් ඔබ?

ඔව්. ඇත්තටම ඒ චිත්‍රපටයේ මට රඟපාන්න තිබුණේ නැහැ. ඔහුට ඒ චිත්‍රපටයේ පෙම්වතියක් නැහැ. ඒ නිසා රන්ජන්ගේ බලවත් ඉල්ලීම මත කිසිම මුදලක් අය නොකර එහි රඟපාලා ඔහුට ඒ චිත්‍රපටයේ පෙම්වතියක් නැති ප්‍රශ්නෙ විසඳලා දුන්නා. මම සෑහෙන චිත්‍රපට ප්‍රමාණයක් රන්ජන් සමග රඟපෑවා.

මම රන්ජන්ට තර්ජනය කළේ නෑ....

● ඔබ සහ රන්ජන් රාමනායක සමීප මිතුරන්.?

අපි ගොඩාක් සමීප මිතුරන්. අපි එකටම තමයි චිත්‍රපටවලට ආවේ. ජනප්‍රිය වුණේ එකටම. එකම කාලයේ එකට සිටි සහෝදර කලාකරුවෙක්.

● ඒ මිත්‍රත්වය නිසාද ද ගේම් චිත්‍රපටය නිව්යෝර්ක් නුවර ප්‍රදර්ශනය කරන්නත්, ඒ දර්ශන වාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස රන්ජන්ව ගෙන්වන්නත් හේතුවුණේ?

‘ගේම්’ චිත්‍රපටය නිව්යෝර්ක්වල ප්‍රදර්ශනය කිරීමේ කාර්යය විතරයි මම භාරගත්තේ. ඔහුව ඇමෙරිකාවට ගෙන්වීම සංවිධානය කළ අය නිව්යෝර්ක්වල චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න කැමැතිද කියලා මගෙන් ඇහුවා. නිව්යෝර්ක්වල අපට චිත්‍රපට පෙන්වන්න හරි අමාරුයි. අපිට කියලා සිනමාශාලා නැහැ. මේ රටේ චිත්‍රපට පෙන්වන ශාලා මිල අධිකයි. ගේම් පෙන්වන්න ශාලාවට විතරක් මම ඩොලර් දෙදහස් හත්සීයක් වියදම් කළා. මෙහි අති දැවැන්ත නිර්මාණ නරඹන්න තියෙද්දී ලංකාවේ චිත්‍රපටයක් බලන්න පිරිස එයිද කියන ප්‍රශ්නයත් මට තිබුණා. ඒත් අපේ රටේ චිත්‍රපටයක් නිසා මම ඒ අවදානම භාර ගත්තා. බජට් එකක් හැදුවා. ඒ අනුව ඩොලර් විසි පහකට ප්‍රවේශ පත්‍රයක් අලෙවි කරන්න අප තීරණය කළා. ඉන්පසුව ආදි ශිෂ්‍ය සංගමයේ කෙනෙක් මට කතාකරලා කිව්වා රන්ජන් රාමනායකව මේ අවස්ථාවට සහභා ගි කරවා ගන්න පුළුවන් බවත් ඒ සඳහා මගේ කැමැත්තත් විමසුවා. ඒ වෙද්දී මම බජට් එක හදලා ඉවරයි.

මම රන්ජන්ට තර්ජනය කළේ නෑ....

රන්ජන්ගේ ගුවන් ප්‍රවේශපත්‍රයට වියදම් කරන්න කෙනෙක් ඉන්න නිසා නිව්යෝර්ක් ආවාම රන්ජන්ව බලාගන්න විතරයි තියෙන්නේ කියලා ඒ පුද්ගලයා කිව්වා. රන්ජන් කියන්නේ මගේ යාළුවෙක්. ඔහු වෙනුවෙන් නිව්යෝර්ක්වල පිරිසක් එකතුකර ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මම ඒකට කැමැත්ත දුන්නා. ඒත් කලින් කියපු දේවල් ටික ටික වෙනස් වුණා. රන්ජන්ගේ බිස්නස් ක්ලාස් ටිකට් එකටත් ඩොලර් එක්දහස් හාරසීයකුත් රන්ජන්ට දාහකුත් නිව්යෝර්ක් ආවාම ඔහුට වෙනම තවත් ඩොලර් දාහකුත් ගෙවන්න ඕනේ කිව්වා. මිනිස්සුන්ට බොරුකාරයෙක් වෙන්නත් බැහැ. පබ්ලිසිටි කරලත් ඉවරයි.

ඊට පස්සේ මම අනුග්‍රාහකයන් කිහිප දෙනකුට කතා කරලා අවශ්‍ය මුදල් සම්පූර්ණයෙන් ඒ අයට යැව්වා. නිව්යෝර්ක්වලට ආවාට පස්සේ ගෙවිය යුතු මුදල චිත්‍රපට දර්ශනයෙන් පසුව පැවැත්වූ සාදයේදී අදාළ අනුග්‍රාහකයා අතින්ම රන්ජන්ට ලබා දුන්නා. ගිවිසුම් සහ මුදල් ගෙවූ වීඩියෝපට මා සතුව තියෙනවා.

● දෙන්නා අතර විරසකයක් ඇතිවුණේ ඇයි.?

අපි දෙන්නා අතරේ විරසකයක් ඇති වුණේ නැහැ.

● ‘රන්ජන් මීට වඩා හොඳයි ලංකාවට ගිහින් හිඟා කෑව නම්’ කියලා ඔබ සමාජ මාධ්‍යයට ප්‍රකාශයක් කළේ ඇයි.?

සමාජ මාධ්‍යයේ අයට තමන්ට උවමනා විදිහට ලියන්න පුළුවන්. මම රන්ජන්ට සල්ලි දුන්නේ නැහැ කියලා ලංකාවේ හැම තැනම කතා වෙනවා. අපි දෙන්නා ජනප්‍රිය නිසා පුංචි දෙයක් ඇති මුළු ලෝකයේම ප්‍රසිද්ධ වෙන්න. ගොසිප්වලට හැමෝම කැමැතියි. රන්ජන්ට ඇමෙරිකා ආ කාරණේ අමතක වෙලා තැන් තැන්වලට ගිහින් දඟර නැටුම් දානවා. ඒක කැතැයි කියලා තමයි මම කිව්වේ. ඒක ඒ අයට අවශ්‍ය විදිහට ලියලා තියෙනවා. ඒකේ කිසි වරදක් නැහැ.

මම රන්ජන්ට තර්ජනය කළේ නෑ....

● රන්ජන්ගේ වීසා පිටපත සමාජ මාධ්‍යයට මුදාහැරියා කියා ඔබට චෝදනා එල්ල වෙනවා?

වීසා එක ලැබුණාම රන්ජන් ඇමෙරිකාවේ ඉන්න එයාගේ යාළුවෝ හැමෝටම ඒක යැව්වා. හැම වෙබ් එකකම එයාගේ වීසා පිටපත සංසරණය වුණා. ඒක එයාගේ වරදක්. තමන්ගේ පුද්ගලික දේවල් අනෙක් අයට දීලා මට චෝදනා කරන්නේ කොහොමද?.

● රන්ජන්ට යළි නිව්යෝර්ක් එන්න එපා කියලා ඔබ තර්ජනය කළාද.?

තර්ජනයක් නම් කළේ නැහැ. මගේ ඇඟේ තවම තරු ගුණය තියෙනවා. අපට ඒක නිකං හම්බවුණේ නැහැ. රන්ජනුත් එහෙමයි. මහන්සි වෙලා දුක්විඳලා වැඩ කරලා තමයි අපි මේ තත්ත්වය ලබා ගත්තේ. ඒක නැති වෙනවට මම කැමැති නැහැ. මම කිව්වේ රන්ජෝ උඹව සල්ලි දීලා මෙහෙට ගෙන්ව ගත්තේ මම ආයෙත් ඇවිත් ගෙවල් ගානේ දඟර නැටුම් දාලා සවුත්තු වෙන්න එපා. එහෙම වුණොත් අපි දෙන්නගෙම වටිනාකම නැති වෙනවා. තව කලාකාරයෙක් ගෙන්වන්න මට තියෙන අවස්ථාව නැති කරන්න එපා. තමන්ගේ මුදලින් ඇවිත් ඕන ජවුසමක් නටා ගත්තට කමක් නැහැ. ඒත් ගිවිසුමකට අනුව ඇවිත් මෙහෙම කරන එක වැරදියි කියල ඉල්ලීමක් මම කළේ.

මම රන්ජන්ට තර්ජනය කළේ නෑ....

● ඔබ දෙදෙනාම ජනප්‍රිය කලාකරුවන්. මේ ප්‍රශ්නය විසඳගන්න මීට වඩා හොඳ විදිහක් තිබුණේ නැද්ද?

මම විශාල වගකීම් සහිත රැකියාවක් කරන නිසා රන්ජන් එක්ක කතා බස් කර කර ඉන්න වෙලාවක් ලැබුණේ නැහැ.

● රන්ජන් රාමනායක සමග යළි රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ?

ඔව්. රඟපානවා. ඕනෑ තරහකාරයෙක් එක්ක මට රඟපාන්න පුළුවන්.

අජිත් අලහකෝන් – නිව්යෝර්ක්

advertistmentadvertistment
advertistmentadvertistment