රන්ජන් නිදහස් කරගන්න ‘රජරට සැන්ඩෝ’ නිහඬ විරෝධතාවක

553

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ඉල්ලා පුද්ගලයකු ඊයේ (20 දා) අනුරාධපුර නගරයේ දී නිහඬ විරෝධතාවක නිරත විය.

මෙසේ විරෝධතාවයේ නිරත වූයේ අංක 48, තිසා වැව බටහිර, පණ්ඩුලගම අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ලක්මාල් රණසිංහ නොහොත් ‘රජරට සැන්ඩෝ’ නමින් ප්‍රචලිත පුද්ගලයෙකි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලක්මාල් මහතා,

‘අද වනවිට රංජන් රාමනායක මහතා කියපු කිසිම දෙයක් වැරැදිලා නෑ. ඒ විදියටම සිද්ධ වුණා. හොරා කාපු සියලුදෙනා නිදැල්ලේ ඉන්න කොට රන්ජන් රාමනායක මහත්තයා හිර ගෙදර ඉන්නවා. මට රාජ්‍ය මාධ්‍යයක තිබුණු අභියෝගාත්මක රියැලිටි වැඩ සටහනක තරගකරුවන් 71852 ක් අතරින් අවසානය දක්වා යන්න පුළුවන් වුණේ ඒ මහතාගෙන් ලැබුණු ආශිර්වාදය නිසයි. මෙතුමා වෙනුවෙන් යමක් කරන්න ඕන නිසා තමයි අද පාරට බැස්සෙ… මම මේ සටන නවත්තන්නේ නැහැ. හෙට මේ වටරවුමට එන්නේ සිමෙන්ති කොට්ටයක් පිට තබාගෙන. රංජන් රාමනායක මහත්තයා නිදහස් කරන තෙක් මම දිගටම විරෝධතාවයේ නිරත වනවා. පසුගිය නිදහස් දිනයේ සහ මෙවර වෙසක් පොහෝ දිනයේ දී එතුමා නිදහස් කරයි කියන බලාපොරොත්තුව අපේ තිබුණා. මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ පොදු සමාව යටතේ එතුමා නිදහස් කර දෙන ලෙසයි.”

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment