රන්ජන් නිදහස් කර ගැනීමට සජබයෙන් අලූත් අරගලයක් – විපක්ෂ නායක සජිත් කියයි

128

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක වෙනුවෙන් සමගි ජන බලවේගය අලූත් අරගලයක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා ඊයේ (03දා) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අතර අනතුරුව මේ බව කියා සිටියේය.

අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයකු වන රන්ජන් රාමනායක මහතාට සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් මේ වසරේදී යළි ආරම්භ කරන බව සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී පැවසීය.

ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පූර්ණ වශයෙන් කැපවන බවත්, තම පක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරුන් මුල් කොටගෙන එම අරගලය ආරම්භ වන බවත් විපක්ෂ නායකවරයා කීය.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් පුන පුනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් ඒ බොහෝ අවස්ථාවල සුබවාදී ප‍්‍රතිචාර වාචිකව හිමි වූ බවත් පැවසූ විපක්ෂ නායක, අද වනතුරු එය ප‍්‍රායෝගිකව ඉටු ඉටුනොවීම කනගාටුවට කරුණක් යැයිද පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment