රන්ජන් බලන්න සජිත් වැලිකඩට

132

අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමක්් වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ (25 දා) ගියහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, මුජුබර් රහුමාන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

රන්ජන් රාමනායක මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බන්ධනාගාරයෙන් පිටතට පැමිණි විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ ඒ මහතාට පූර්ණ නිදහසක් ලබාදෙන ලෙස නැවත නැවත ඉල්ලා සිටින බවයි. රන්ජන් රාමනායක මහතාට මනුෂ්‍යත්වයේ නාමයෙන් නිදහස ලබා දෙන ලෙස අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියත් ඒ මහතාට මේ වනතුරුත් එම නිදහස ලබාදීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් යැයි සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අපට කළ හැකි හැම දෙයක්ම අපි කරනවා. රට විශාල අගතියකට පත්වෙලා ඉන්න මොහොතක රන්ජන් රාමනායක වැනි හඬනගන මන්ත‍්‍රීවරුන් අහිමිවීම අපට විශාල පාඩුවක්. රන්ජන් නිදහස් කර ගැනීම වෙනුවෙන් කරගෙන යන සටන අපි අතහරින්නේ නැහැ යැයි සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය. අධිකරණයට අපහාසාත්මක ප‍්‍රකාශ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසරකට වැඩි කාලයක් තිස්සේ රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතව සිරදඬුවම් විඳිමින් සිටියි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment