රන්ජන් වැලිකඩ බන්ධනාගාර රෝහලට

113

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ර`දවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා දණහිසෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් කරාපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛi නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයේ ප‍්‍රතිකාර ස`දහා යොමු කිරීමට කොළඹට රැුගෙනවිත් ඇත.

එසේ රැගෙන ඒමෙන් පසු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා ඊයේ (11 වැනිදා* ජාතික රෝහලේ විකලාංග සායනයට ප‍්‍රතිකාර ස`දහා ගෙන ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

 එහිදී ඔහුට ප‍්‍රතිකාර කළ වෛiවරුන් රංජන් රාමනායක මහතා යළි ලබන 16 වැනිදා ජාතික රෝහලේ විකලාංග සායනයට රැුගෙන එන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව රංජන් රාමනායක මහතා ලබන 16 වැනිදා දක්වා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ර`දවා තැබීමට පියවර ගත් බව ද චන්දන ඒකනායක මහතා ස`දහන් කළේය.


සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment