රන්ජන් වෙනුවෙන් පංසලෙන් පෙත්සමක්

443

සිරගතව සිටින කලාකරුවෙකු වන රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීම වැලිගම දෙණිපිටිය නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේදී ආරම්භ කළේය.

අධිකරණයට අපහාස කිරීම නිසා දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්‍රවීණ කලාකරුවකු වන රන්ජන් රාමනායක මහතාට ලබන 04 දිනට යෙදෙන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ඔහුට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම මහජන අත්සන් ලබාගැනීම (28) දින සිදු කෙරිණි.

මෙය වැලිගම දෙනිපිටිය නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති දමිපහළ ධමිමපාල හිමියන්ගේ අනුශාසකත්වය මත වැලිගම දෙණිපිටිය නුගාසිරි කලා සංගමය විසින් සංවිධානය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment