රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර  විභාගයට සූදානම් වෙයි

279

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරීක්‍ෂණය සඳහා ලබන සඳුදා (6 දා) පෙනී සිටීමට නියමිතය.

රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතවීමෙන් පසු තමාට ශ්‍රී ලංකා විවෘත විශ්වවිiාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙසත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබිණි.

එම ඉල්ලීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ද ලබාදී ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීති රීතිවලට අනුකූලව නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාව යටතේ ඔහු විභාගයට සහභාගි කරවීමට කටයුතු සංවිධානය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්(පාලන/පුනරුත්තාපන/මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment