රන්වල බලකායෙන් රඟපෑමට එන සචිත්තනී

1435

ලබන අවුරුද්දේ මම නීතිඥවරියක්


 දිගැසි මේ දිනවල ඔයාලා ආදරය කරන චරිතයක්. කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය නරඹන ඔයාලා දිගැසිට ඉස්සර මොනවද වෙන්නේ කියලා වගේම ඇත්තටම මේ දිගැසි කියන්නේ කවුද කියලත් හොයල බලනවා ඇති. ඇත්තටම මේ දිගැසි කවුද? දිගැසි කවුද කියලා තමයි මේ කියන්න හදන්නේ.


 * ඇත්තටම දිගැසි කියන්නේ කවුද?

 හොඳට ඉගෙන ගත්තු රෙදි මෝලවත්තේ හැදුණු වැඩුණු අම්මා නැති තාත්තාත් එක්ක අමාරුවෙන් ජීවත්වෙන ගොඩක් ආදරණීය චරිතයක්. දුක් මහන්සිවෙලා ගොඩඑන්න බලන චරිතයක්.

 * දිගැසිගේ ආදරය මල්ඵල ගැන්වෙයිද?

 අපි බලමු. මොකද වෙන්නේ කියලා.

 * දිගැසිගේ සැබෑ නම?

 සචින්තනී කෞෂල්‍යා

 * සචින්තනීට දිගැසිව මුණ ගැසුණේ කොහොමද?

 දිගැසිව හම්බවෙන්නේ – ධනුෂ්ක රත්නායක අධ්‍යක්‍ෂකවරයා මාර්ගයෙන්. ඇත්තටම සචින්තනී කියන චරිතයට ගොඩක්දුරට සමානකම් තියෙන චරිතයක් තමයි දිගැසි කියන්නේ. දිගැසිව නිර්මාණය කරන්න ලොකු පිරිසක් මහන්සි වෙනවා.

 * ඇත්තටම කිව්වොත් මේ දවස්වල ජනපි‍්‍රය

 සචින්තනීද? දිගැසිද?

 දිගැසි. ඇත්තටම කිව්වොත් මිනිස්සු සචින්තනීව දන්නේ නැහැ. දිගැසිව තමයි ගොඩක් දෙනෙක් දන්නේ.

 * එතකොට සචින්තනී

 කෞෂල්‍යාගේ වතගොත?

 මම ඉන්නේ කිරිබත්ගොඩ. දැනට මම කොළඹ විශ්වවිiාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙන ගන්නවා. ඒ වගේම ඩිප්ලෝමා තුනක් හදාරමින් ඉන්නේ. මනෝ චිකිත්සනය, මනෝ උපදේශනය සහ මානව සම්පත් කළමනාකරණය කියන ඩිප්ලෝමා තුන. මේ අධ්‍යාපන කටයුතු කරන තරේ රන්වල බලකාය සමගත් වැඩකටයුතු කරගෙන යනවා.

 * සචින්තනී කියන්නේ සහන්ගේ ගෝලයෙක්. එහෙමද?

 ඔව්. මම සහන්ගේ ගෝලයෙක්.

 * රඟපෑමට ආවට සහන්ගෙන්

 විරුද්ධත්වයක් නැතිද?

 ඇත්තටම නැහැ. ගොඩක් වෙලාවට සහන් සර් උදව් කරනවා. මම නිර්මාණයකට ආරාධනාවක් ලැබුණ ගමන් ඒක තෝරාබේරා ගැනීමට පවා මම සර්ට කතා කරනවා. රන්වල බලකායට සම්බන්ධවීමෙන් තමයි මගේ කලාවේ හැරවුම් ලක්‍ෂ්‍යය ඇතිවුණේ. මම හිතන්නේ එතැනින් ලැබෙන ගුරුහරුකම් මත තමයි මේ හැමදේම නිර්මාණය කරගන්නේ.

 * සචින්තනී දැන් වැඩිපුර කැමැති රංගනයටද? ජන සංගීතයටද?

 ඒක දෙපැත්තක්. ජන සංගීතය කියන්නේ ප‍්‍රාසාංගික විෂයක් විදිහට වැඩ කරන්න පුළුවන් තැනක්. රංගනයටත් කැමැතියි.

 * අධ්‍යාපනය සාර්ථක කරගන්න පුළුවන්ද මේ වැඩ සියල්ලම එකට පටලවාගෙන?

 මම හිතන්නේ නැහැ එහෙම අසාර්ථකවෙයි කියලා. පාසල් කාලයේ ඉඳලා මම ක‍්‍රීඩා කටයුතුවල නිරත වෙලා තියෙනවා. මම පාසලේ හිටපු ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව. පාපන්දු ක‍්‍රීඩාවත් කළා. ඉගෙනීම පැත්තෙන් මම ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් 38 වැනියා. ලංකාවේ 289 වැනියා. මම හිතන්නේ මෙතෙක් නම් අසාර්ථක වෙලා නැහැ කියලයි. සමබරව මේ වැඩ සියල්ලම කරගෙන යන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා.

 * ඔබේ පවුලේ විස්තර

 මමයි, අම්මයි, තාත්තයි, නංගියි. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. නංගි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. පවුලේ වැඩිමල් දුව තමයි මම.

 * කලාව තෝරාගත්තාට ගෙදරින් යහපත් ප‍්‍රතිචාර තියෙනවාද?

 මුලදී නම් තාත්තා කැමැති වුණේ නැහැ. තාත්තා බයවුණා. නමට කැලලක් වේවි සහ අධ්‍යාපන කටයුතු අසාර්ථක කරගනියි කියලා. පස්සේ පස්සේ මම තෝරාබේරාගෙන වැඩකරන කොට ලොකු සහයෝගයක් ලැබෙනවා.

 * දිගැසි සචින්තනීට ලොකු වෙනසක් ඇතිකළා කියලා හිතනවාද?

 මම හිතන්නේ ඔව්. දිගැසි කියන නම ගොඩක් දෙනෙක් අතරට ගියා.

 * දිගටම රඟපාන්න අදහසක් තියෙනවාද?

 තවම රංගනය අතහරිනවා කියන අදහසේ නෑ. ඉතිරි වැඩකටයුතු එක්ක පුළුවන්තාක් කරගෙන යනවා.

 * අධ්‍යාපන වැඩකටයුතු එහෙම කොහොමද?

 මේ වසරේදී විශ්වවිiාලයේ වැඩකටයුතු අවසන් වෙනවා. ඩිප්ලෝමා තුනත් අවසන්. ලබන වසරේ නීති විiාලයේ අවසන් විභාගයට පෙනී සිටිනවා. ඊට පස්සේ නීතිඥවරියක් විදිහට මගේ වෘත්තීය ජීවිතය ආරම්භ වෙනවා.

 * නීතිඥවරියක් වුණ ගමන් මේ සියල්ලෙන්ම ඈත්වේවිද?

 එහෙම අදහසක් නැහැ. මේ සියල්ලටම වැඩිය මම ස්වාධීනව වැඩකරන්න තමයි කැමැති.



  දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment