රන් ආභරණ සහ ඇපල් දුරකථන 39 ක් සමග ගුවන් තොටේදී හයක් දැලේ

146

කිලෝ ග්‍රෑම් පනහකුත් ග්‍රෑම් 158 ක් බරැති රන් ආභරණ සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථන 39 ක් රැගෙන ගුවන් මගින් මෙරටට පැමිණි පිරිමි පුද්ගලයන් සිව් දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු ඊයේ (02 වැනිදා) අලුයම කටුනායක ගුවන්තොටුපළේ රාජකරියේ නිරත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ සිට යූඑල් 226 ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මෙරටට පැමිණි සැකකරුවන් රේගු නිශ්කාෂණ ප්‍රදේශය පසුකර ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයෙන් පිටතට එන අවස්ථාවේ පොලිසිය මෙම පිරිස කොටු කරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පිරිමි පුද්ගලයන් සිව් දෙනා අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කාන්තාවන් දෙදෙනා මීගමුව ප්‍රදේහයේ පදිංචිකාරියන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරුවන් පිරිස ගුවන්තොටුපළ රේගු නිලධෘරීන් වෙත භාර දීමට පොලිසිය පියවර ගෙන තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment