රන් ආලේපිත බේස් ගිටාරයක් සමග අයිවෝ නැවත වේදිකාවට

574

අතුල අධිකාරී, නීල් වර්ණකුලසූරිය, නෙල්සන් වාස්, අර්නි පීරිස්, කි‍්‍රස්ටෝපර් ලියනගේ, ලූෂන් අලහකෝන් සමග එකතුවෙලා 1983 වසරේ ආරම්භ කළ සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ඔහු රිදම් ගිටාර් වාදකයා. එතැන් පටන් ඔහු වසර 23 ක් සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නිත්‍ය සාමාජිකෙයක්. මෑතක් වන තුරුම ඔහුව හැඳින්වූයේ බේස් රජු ලෙසයි. සන්ෆලවර් සංගීත කණ්ඩායම හරහා ඔහු ඒ තරමටම බේස් ගිටාරයෙන් විවිධ හැදෑරුම් මැව්වා. එතැනින් පසුව ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේද බේස් ගිටාර් වාදකයා ලෙස කෙටි කාලයක් සේවය කළා. ඇමරිකාව බලා පිටත්ව ගිය ඔහු නැවත ලංකාවට එන්නේ රී යූනියන් සන්ෆලවර් සංගීත කණ්ඩායම රසිකයන්ට තිළිණ කරමින්. කොරෝනා වසංගතය ඊට හරස් වීම නිසාම ඔහු කෙටි නිහැඬියාවක් අර ගන්නවා. අද දවසේ අපේ

 කථානායක ඔබ අතරට එන්නේ රන් ආලේපිත ලක්‍ෂ විසිඑකක් වටිනා බේස් ගිටාරයක්ද අතැතිවය. හේ වෙන කවුරුවත් නොවේ නමින් අයිවෝද මෙල්ය. සීතල උඳුවප් මහේ ප‍්‍රසංග වේදිකාව හරහා ඔහු කරන්න හදන පෙරළිය මුලින්ම මීවිතට කිව්වේ මෙන්න මේ විදිහට.

 * අයිවෝ බෑන්ඞ් එකක් පටන් ගත්තා කියන්නේ?

 ඔව්. කොවිඞ් වසංගතය හින්දා පසුගිය කාලයේ අපි සංගීත කණ්ඩායමක් පටන් ගත්තාට එළිදක්වන බැරි වුණා. වසංගතය ක‍්‍රමයෙන් පහවීගෙන යන අතරේ තමයි මේ එළිදැක්වීම සිදු කළේ. ගෘහස්ථ ප‍්‍රසංග සහ මංගල උත්සව ඉලක්ක කරගෙන තමයි මේ සංගීත කණ්ඩායම නිර්මාණය කළේ.

 * මේ බෑන්ඞ් එකේ නම මොකක්ද එහි ඉන්න පිරිස කවුද?

 මේ බෑන්ඞ් එක හඳුන්වන්නේ අයිවෝද මෙල් ප‍්‍රමුඛ සන්වේ කියලා තමයි හඳුන්වන්නේ. මෙහි බේස් ගිටාර් වාදකයා මමයි. ඩ‍්‍රම්ස් වාදකයා ඉන්දික වීරරත්න. යසන්ත කොස්තා ලීග් ගිටාර් වාදකයා, මිරාන් ප‍්‍රනාන්දු කී බෝඞ් වාදකයා, ඔක්ටපෑඞ් වාදකයා දිනේෂ්. තව අපේ ගායක දෙපළක් ඉන්නවා. එක්කෙනෙක් කෲස් පෙරේරා, අනෙක් එක්කෙනා ඞී හෑෂ්.

 * සන්ෆලවර් සංගීත කණ්ඩායමේ පැරණි සාමාජිකයන් එකතු කරගත්තේ නැත්තේ ඇයි?

 සන්වේ සංගීත කණ්ඩායමට සන්ෆලවර් සංගීත කණ්ඩායමෙන් එකතු වුණේ මම විතරයි. ඩ‍්‍රම්ස් වාදන ශිල්පියා සකුරා සංගීත කණ්ඩායමේ කලක් ඩ‍්‍රම්ස් වාදන ශිල්පියා හසන්ත කොස්තත්, ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක්. ඒ වගේම මිරාන් ප‍්‍රනාන්දු සමන් ඇන්ඞ් ද ක්ලෑන්, සියැක් සංගීත කණ්ඩායම්වල කලින් හිටපු කී බෝඞ් වාදන ශිල්පියා.

 * සන්වේ සංගීත කණ්ඩායමට ලැබුණු ප‍්‍රතිචාර එහෙම කොහොමද?

 දින කිහිපයකට කලින් අපේ ප‍්‍රසංගයක් යූ ටියුබ් නාලිකාවක් හරහා එළිදැක්වූවා. එහිදී රසික ප‍්‍රතිචාර ගොඩක් අපිට ලැබුණා. විදෙස් රටවලින් ප‍්‍රසංගවලට පවා ආරාධනා ලැබුණා.

 * මේ වගේ කාලයක බෑන්ඞ් එකක් පටන් ගන්නවා කියන්නේ ලොකු අවදානමක් නේද?

 කොවිඞ් නිසා ප‍්‍රසංග නැතිව තිබුණා. දැන් කොවිඞ් අවසාන වේගෙන යන නිසයි සංගීත කණ්ඩායම එළිදැක්වූවේ.

 * සන්වේ බෑන්ඞ් එකේ අරමුණු මොනවාද?

 සන්වේ සංගීත කණ්ඩායම එළිමහන් ප‍්‍රසංග කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මේ බෑන්ඞ් එකේ විශේෂත්වය තමයි 90 දශකයේ හිටපු ගායක ගායිකාවන්ට තමයි සංගීතය සපයන්නේ. 90 දශකයේ සිටින ගායක ගායිකා රැුල්ලට තමයි සන්වේ නිර්මාණය කළේ.

 * ඇයි එහෙම කළේ?

 නව රැුල්ලට නෙමෙයි බෑන්ඞ් එක හැදුවේ. 90 දශකයේ හැංගිලා ඉන්න ගායක ගායිකාවන් වෙනුවෙන් තමයි අපි සංගීතය සපයන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට අමතක වෙලා ගිය ගායක ගායිකාවෝ ඉන්නවා. ඔවුන්ට තමයි මේ බෑන්ඞ් එක වැදගත්.

 * අයිවෝ මේ බෑන්ඞ් එකට රන් ආලේපිත බේස් ගිටාරයක් පාවිච්චි කරනවා කියන්නේ ඇත්තද? ඔව් මේක ඇලම්බික් වර්ගයේ ගිටාරයක්. මේකේ සීරියල් නම්බර් එක 001. මෙවැනි ගිටාරයක් මගේ සන්වේ බෑන්ඞ් එකට ගෙන ආවේ බේස් ගිටාරයෙන් විශේෂයක් පෙන්නුම් කිරීමටයි. ඇත්තටම මේ ගිටාර් එක ගෙන ආවේ ඇමරිකාවෙන්. ගිටාරයේ වටිනාකම ලංකාවේ මුදලින් බලද්දී ලක්‍ෂ 21 ක් විතර වෙනවා.

 * අයිවෝ බෑන්ඞ් එක ඇතුළේ මොන වගේ වෙනසක් කරන්නද හදන්නේ?

 අපි මේ නිතර ඇහෙන ඝෝෂාකාරී සංගීතයෙන් මිදිලා රසිකයන්ට නිතර අලූත් දෙයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. 90 දශකයේ තිබුණ ප‍්‍රසංගවල රසය ගෙන එන්න තමයි මේ උත්සාහ කරන්නේ. අලූත් රැල්ලෙන් මිදිලා 90 දශකය කරා තමයි මේ සංගීත කණ්ඩායම යන්නේ.

 * සන්වේට අලූත් පරපුරට අභියෝගයක් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවද?

 අපි අලූත් කට්ටියක් අනික අපි යන්නේ වෙන ගමනක්. මම නම් හිතන්නේ ඔවුන් සහ අපි යන්නේ පාරවල් දෙකක කියලයි. සන්වේ කිසිම තරගයකට නෑ. අපි යන්නේ වෙනම ගමනක.

 * සන්වේට ලොකු ගමනක් යන්න

 පුළුවන් කියල හිතනවද?

 අපිට කිසිම බෑන්ඞ් එකක් එක්ක තරගයක් නෑ. අනික අනෙක් සංගීත කණ්ඩායම්වල ඉන්න වාදකයොත්, ගායකයොත් අපේ මිත‍්‍රයෝ. ඉතින් ඔවුන් එක්ක අපිට කිසිම තරගයක් නෑ. අපි ගමන් කරන්නේ වෙනස්ම සංගීත රටාවක් එක්ක හින්ද අපිට කිසිම තරගයක් නෑ.

 * මේ බෑන්ඞ් එක ඇතුලේ ඔබ බේස් ගිටාරයෙන් මොනවගේ වෙනස්කම්ද කරන්න සූදානම් වෙන්නේ?

 90 දශකයේ මම සංගීත සංදර්ශවලට වාදනය කරපු ආකාරයේ රටාවන් මම වාදනය කරන්න සූදානමක් තියෙනවා. බේස් ගිටාර් හතරක් මම භාවිතා කරනවා. ගීයෙන් ගීයට බේස් වාදනය වෙනස් කරනවා. හැම ගීයකටම අදාළ බේස් ටෝන් එක විවිධ බේස් ගිටාර්වලින් ලබාදෙන්න තමයි සූදානම් වෙන්නේ.

 * අයිවෝද මෙල්ට 90 දශකයේ තිබුණ ජනපි‍්‍රයත්වය 2022 තිබෙනවා කියලා හිතනවද?

 ඒක තීරණය කරන්නේ රසිකයෝ. මම ප්ලේ කරන විදිහ සහ මගේ ජනපි‍්‍රයත්වය ගැන මට උත්තරයක් දෙන්න අමාරුයි.

 * ආපහු ඇමරිකාවට යන්න අදහසක් නැතිද?

 රටවල්වලට යන එන එක සාමාන්‍ය දෙයක්. මම දැනට ශී‍්‍ර ලංකාවේ රසිකයන් වෙනුවෙන් තමයි ඉන්නේ. මම ස්ථිර පදිංචියකට යන්නේ නෑ. මගේ බලාපොරොත්තුව ලංකාවේ ඉඳලා සංගීත වැඩකටයුතු කරන්න.

 * අයිවෝ ද මෙල්ගේ සංගීත දිවිය දෙස

 ආපසු හැරී බැලූවොත්?

 සන්ෆලවර් සංගීත කණ්ඩායමෙන් මම පටන් ගත්තු ගමන දෙස බලද්දී මම විවිධ බේස් ගිටාර් වාදකයන් දැකල තිබෙනවා. ඒ අතුරින් ඒ සංගීත කණ්ඩායම්වල මමත් සුවිශේෂී පුද්ගලයෙක් විදිහට රසිකයෝ තෝරාගෙන තියෙනවා.

 * ඔබව අනුකරණය කරන අය දුටුවහම මොකද හිතෙන්නේ?

 මට ඔවුන්ව දුටුවහම ඇත්තටම සතුටුයි. මම ඒගොල්ලන්ට සුභ පතනවා. මම වගේ ප්ලේ කරන්න උත්සාහ කරන අයට මම ගොඩක් සුබ පතනවා. මගේ යම්කිසි විශේෂත්වයක් දැකලා මාව අනුකරණය කිරීම ගැන ඇත්තටම සතුටුයි.

 * සන්වේ අලූත් ගීත නිර්මාණය කළාද?

 පසුගිය අවස්ථාවල යූ ටියුබ් නාලිකාවක පටන් ගත්තු ප‍්‍රසංගයේදීත් අපි ආරම්භ කළේ අපේම ගීතයකින්. මව්බිම වෙනුවෙන් හදපු අලූත්ම ගීතයකින් තමයි අපේ සංගීත ප‍්‍රසංගය පටන් ගත්තේ. ඒ වගේම ඉදිරියේදී ගොඩක් අලූත් නිර්මාණ බිහිවෙනවා. සංයුක්ත තැටියක් එළිදක්වන්න සූදානමක් තියෙනවා.

 * වර්තමානයේ ප‍්‍රසංග වේදිකාවට අත්වුණ ඉරණම ගැන මොනවද කියන්න තියෙන්නේ?

 වසංගත අපිට විතරක් නෙවෙයි මුළු ලෝකයටම බලපෑවා. මේ නිසා මේ කර්මාන්තයේ නියැලී ඉන්න ගොඩක් දෙනෙකුට අද ගෙදරට වෙලා ඉන්න සිද්ධවෙලා තියෙනවා. එන්නත්කරණයත් සමග ගෝලීය වසංගතය ලෝකයෙන් තුරන්වෙලා ගියාට පසුව නැවතත් යථා තත්ත්වයට පත්වේවි. ඒ වෙද්දී අපිට සුපුරුදු පරිදි යළි ප‍්‍රසංග පවත්වන්න පුළුවන් වාතාවරණයක් උදාවෙයි කියලා හිතනවා.

 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment