රන් ජාවාරමක් හෙළිවේ

2998


ශ‍්‍රී ලංකා රජයට ගණනය කළ නොහැකි තරමේ බදු ආදායමක් අහිමි කළ මහා පරිමාණ රත‍්‍රං ජාවාරමක තොරතුරු අනාවරණය කර ගත් පොලිසිය රුපියල් කෝටි 15ක් පමණ වටිනා රත‍්‍රං කිලෝ ග‍්‍රෑම් හයක් සමග කොළඹ සහ යාපනයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ කේසර් වීදිය ප‍්‍රදේශයේ විදේශ මුදල් මාරු කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඉන්දීය ජාතිකයෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇත.
මෙරට විවිධ පුද්ගලයන් ඩුබායි රාජ්‍යයට පිටත්කර යවා කැරට් 24 රත්රන් බිස්කට් ගෙන්වාගෙන විදේශ මුදල් මාරු කරනු ලබන ආයතනය තුළ ඒවා එකතු කර මනාව අසුරා සැක නොසිතෙන අයුරින් සුඛෝපභෝගී මගී බස් රථ මගින් යාපනයට රැුගෙන ගොස් යාපනයේ සිට මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට ගෙනගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment