රන් දිනූ බර ඉසිලීමේ ශූරයෝ දිවයිනට එති

120

සිංගප්පූරුවේ පැවැති විවෘත බර ඉසිලීමේ තරගාවලියට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිස එහිදී රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පෙරේදා (27 වැනිදා* දින රාත‍්‍රී ශ‍්‍රී ලංකාවට පැමිණියහ.

මෙම තරගාවලිය මෙම පෙබරවාරි මස 25 දින සිට 27 දින දක්වා සිංගප්පූරුවේ පැවැති අතර, තරගාවලිය එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා අවසන් තේරීමේ තරගාවලියක් ලෙසද පවත්වා තිබුණි.

මෙහිදී ඉන්දික දිසානායක, ශ‍්‍රීමාලී සමරකෝන්, උෂාන් චාරුක සහ චතුරංග ලක්මාල් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

එමෙන්ම මෙම තරගාවලියේ දී උෂාන් චාරුක සහ ශානක පීටර්සන් නව ශ‍්‍රී ලංකා වාර්තා දෙකක් තැබීමට ද සමත් වී තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ නෑදෑ හිතවතුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ ආලින්දය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment