රන් දිනූ බොක්ස ශූරයා දිවයිනට

203

ප්‍රංශයේ පැවැති ලෙස් සෙන්චරීස් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී රන් පදක්කමක් දිනූ රුක්මාල් ප්‍රසන්න ඊයේ (17 වැනිදා) අලුයම දිවයිනට පැමිණියේය.

කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් සේවයේ කිව්. ආර්. 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි රන් පදක්කම් ලාභී රුක්මාල් ප්‍රසන්න ක්‍රීඩකයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

ලෙස් සෙන්චරීස් ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය රටවල් 18ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කගේ නියෝජනයෙන් පසුගිය 12 වැනිදා සිට 15 වැනිදා දක්වා ප්‍රංශයේදී ක්‍රියාත්මක විණි. එහිදී කිලෝ ග්‍රෑම් 57 බර පන්තිය නියෝජනය කරමින් තරග වැදුණු රුක්මාල් ප්‍රසන්න අවසන් මහා තරගයේදී කැනඩාවේ අල් අහමදී ක්‍රීඩකයා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment