රන් පදක්කම් දිනූ ප්‍රවීණ ක්‍රීඩිකාව ඇගයේ

93

බටහිර බෙංගාලයේ පසුගියදා පැවති 2023 ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් තුනක් දිනා ගත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ තාක්ෂණ සේවා ආයතනයේ සේවය කරන එම්. ඩබ්ලිව්. ජේ. ඩිල්ෂු මධුරරාශිනී ක්‍රීඩිකාවට උපහාර පිදීමේ උත්සවයක් එම ආයතනයේදී පැවැත්විණි.

කවපෙත්ත විසිකිරීම, යගුලිය දැමීම සහ මීටර් 5000 ඇවිදීමේ යන ඉසව් ජයග්‍රහණය කරමින් ඇය එම ජයග්‍රහණ ලබා ගත් අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති එස්. සන්ධීපන් මහතා සහ භූ විද්‍යා සමීක්ෂණ පතල් කැණීම් කාර්යාංශයේ තාක්ෂණ සේවා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත ප්‍රධාන විධායක නිලධාරී ජයරත්න හෙන්නායක මහතා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය ව්සින් මෙම උපහාර දැක්වීමේ උත්සවය සංවිධානය කරන ලදී.

මධුරරාශිනී ක්‍රීඩිකාවගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ආයතන මට්ටමෙන් ලබා දිය හැකි පූර්ණ සහයෝගය ලබාදෙන බව ඇයට උපහාර පිරිනමමින් ප්‍රධාන විධායක නිලධාරී ජයරත්න හෙන්නායක මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විස් ආයතනයේ තාක්ෂණික අධ්‍යක්ෂක රොෂාන් ඉන්දික ප්‍රමුඛ නිලධාරීහු සහ සේවක සේවිකාවෝ සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment