රන් පැහැ බුදු පිළිමයක් සහ රන් අභරණ පෙට්ටියක් ළඟ තබා ගත් පස්දෙනා දැලේ

348

රන් පැහැති බුදු පිළිමයක් සහ රන් අභරණ පෙට්ටියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෝ පස් දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් ආර්.පී.එන්.කේ.රංකොත්ගේ මහත්මිය නියෝග කළාය.

මාතලේ, උකුවෙල, උල්පත පිටිය, රයිතලාවෙල ප්‍රදේශයේ නිවෙසක සගවාගෙන තිබූ රන් බුදු පිළිමය සහ ආභරණ පෙට්ටිය මාතලේ මූලස්ථාන පොලිසිය සොයා ගෙන ඇත. ලැබුණු තොරතුරකට අනුව පොලිසිය වැටලීම සිදු කර සැකකරුවෝ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවෝ රයිතලාවෙල, උකුවෙල, කටුගස්තොට, අරණායක සහ මහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. එම්.එම්. මුනාලිම්, එම්.පී.එම්. ඉනෝන්, එල්.පී.එම්. රිෂාඩ්, එම්.ඒ.එස්.සී. මොහොම්මත් සහ ඩී.එම්. ෂප්රාම් යන සැකකරුවෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළහ.

පොලිසිය භාරයට ගත් මිල කළ නොහැකි රන් බුදු පිළිමය සහ රන් අභාරණ පෙට්ටිය පුරා විද්‍යාත්මක වටිනාකමක් තිබේද යන්න පොලිසිය විමර්ෂණය කිරීමට පියවර ගෙන තිබේ. බුදු පිළිමය ග්‍රෑම් 215ක් බරැති උස සෙ.මී.11කි. මාතලේ කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර, උ.පො. අරඹේපොළ යන නිලධාරීන් සමග කණ්ඩායමක් විමර්ෂණ සිදු කරති.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment