‘රන් මහ සටනේ’ එක්දින ජය වේල්ස් කුමර විදුහලට

370

මොරටුව වේල්ස් කුමර විදුහල සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැති ‘රන් මහ සටන’ එක්දින තරගයේදී ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර කණ්ඩායම සමත් විය.

පාසල් දෙක අතර 36 වැනි වරටත් පැවැති එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් වේලස් කුමර කණ්ඩායම පන්දුවාර 46.1කදී සියලූ දෙනා දැවී ලකුණු 134ක් රැුස් කළේය. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ සාන්ත සෙබස්තියන් කණ්ඩායම පන්දුව 36කදී ලකුණු 132කට සියලූ දෙනා දැවී ගියේය.

ලකුණු සාරාංශය

වේල්ස් කුමර විදුහල පන්දුවාර 46.1දී සියලූ දෙනා දැවී ලකුණු 134 (සුමල්ක ප‍්‍රනාන්දු 41, තරිඳු අමරසිංහ 36, විදත් දිනේන්ද්‍ර 15, ක‍්‍රිෂේන් පෙරේරා 3/41, කලන සංදීප් 2/31)

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පන්දුවාර 36කදී සියලූ දෙනා දැවී ලකුණු 132 (සුකිත් ප‍්‍රසන්න 49, බිහඟ මෙන්ඩිස් 13, අනූප බණ්ඩාර 4/33, පසිඳු පැතුම් 3/36, රිවිත් ජයසූරිය 2/14)

advertistmentadvertistment
advertistmentadvertistment