රන් මිල අඩු වෙයි

240

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක්ලක්‍ෂ පනස්හය දහස් හාරසියය දක්වා පහළ බැස ඇත.

මේ අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් එක්ලක්‍ෂ හැටනව දහසක් ලෙස ද වාර්තා වෙයි.

මෙය පසුගිය මාර්තු මාසයෙන් පසු, එනම් ඩොලරයේ අගය ඉහළ යෑමෙන් පසු වාර්තා වූ අඩුම මිල බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

2022 අප්‍රේල් මාසයේ දී කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක්ලක්‍ෂ හැත්තෑපන් දහසේ සීමාව සහ කැරට් 24 රන් පවුමක මිල රුපියල් එක්ලක්‍ෂ අනූදහසේ සීමාව ඉක්මවා ගොස් තිබිණි.

මේ අතර ගෝලීය වෙළෙඳපොළේ රන් මිලේ ද පහළ යෑමක් සිදුව තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment