රන් මිල ඉහළටම විදියි

234

මෙරට රත‍්‍රන් වෙළෙඳපොළ රන් මිල ගණන් මේ දිනවල වේගයෙන් ඉහළ යන්නට පටන් ගෙන තිබේ.

මේ අනුව පෙරේදා (25 දා) දිනය වනවිට කොළඹ හෙට්ටි වීදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ හැටහත් දහසක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම රන් පවුමක මිල 24 වැනිදා පැවතියේ රු.එක්ලක්ෂ හැටදහසක අගයේ වන අතර මීට සතියකට පමණ පෙර එම අගය රුපියල් එක්ලක්ෂ පනස්පන්දහසක් විය. මෙසේ දිනෙන් දින රන් මිල ඉහළ යෑම හමුවේ කොළඹ රත‍්‍රන් වෙළෙඳපොළේ රත‍්‍රන් හිඟයක් ද ඇතිව තිබෙන බව ද කොළඹ රන් වෙළෙන්දෝ පවසති. එසේම ඉදිරි දිනවලදී තවදුරටත් රත‍්‍රන් මිල ඉහළ යනු ඇතැයි ද ඔවුහු සඳහන් කරති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment