රන් මිල පහළට

569

මෙරට රත්‍රං මිල ගණන් ක්‍රමිකව පහළ බසින ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. මේ අනුව ඊයේ (27දා) කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල පහළ යෑමක් වාර්තා වී ඇත.

ඊයේ කැරට් 22 රන් පවුමක මිල රු. 159,100 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 172,000 ක් ලෙසින් සටහන් වූ අතර පෙරේදා කැරට් 22 රන් පවුමක මිල රු. 159,600 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 172,500 ක් ලෙසින් සටහන්ව තිබුණි.

පසුගිය අප්‍රේල් මාසයේ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 195,000 දක්වා සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 205,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment