රනිල්ගේ අයවැයට සජබ වැඩමුළුවක්

108

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2023) සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය විශේෂ වැඩමුළු සංවිධානය කර ඇත.

ඒ අනුව සමස්ත අයවැය මෙන්ම විවිධ අමාත්‍යාංශ විෂය පථයන් සම්බන්ධයෙන් වෙන වෙනම සජබ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මෙම වැඩමුළු සංවිධානය කර තිබේ.

ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් විසින් සජබ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් මෙම වැඩමුළු ලබන 16 දා සිට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී පවත්වා ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරුණු බව එම පක්‍ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment