රනිල්ගේ ඒකාධිපති වියරුව පරාජය කිරීමට සියලු දෙනා එකතු විය යුතුයි

546

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක වවුනියාවේදී කියයි

රනිල් වික්‍රමසිංහ කියන තනි පුද්ගලයෙක් මැදිහත් වෙලා අපේ රටේ ඡන්දේ දැන් කඩාකප්පල් කරලා තියෙනවා. මොකද ඒකට කරන්නේ? ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ඒකාධිපති වියරුවට යටත් වෙලා ජීවත් වෙන එක. එහෙම නැතිනම් ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධි ඒකාධිපති වියරුව පරාජය කරන්න ජනතාව සංවිධානය කරන එක. අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයට විරුද්ධව යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක මහතා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ වවුනියාව ග්‍රෑන් හෝටලයේදී පවත්වන ලද ජාතික ජන බලවේගයේ ක්‍රීයාකාරීන් හා ආධාරකරුවන් පිරිසක් සහභාගී වූ රැස්වීමක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා

රනිල් වික්‍රමසිංහ මුද්‍රණාලයේ මුද්‍රණාලාධිපතිනියත් වගේම භාණ්ඩාගාර ලේකම්වත් උපයේගි කරගෙන ඒ දෙන්නට ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න කියලා මුද්‍රණාලාධිපතිනියට කිව්වා ඔයා සල්ලි දෙනකම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න එපා කියලා. ඒකක කවදාවත් එහෙම නෙමෙයි වුනේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තමයි සල්ලි දෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඇය හරහා කියෙව්වා සල්ලි දෙන්නේ නැතිනම් ඡන්ද පත්‍රිකා එන්නේ නෑ කියලා භාණ්ඩාගාර ලේකම්ට කිව්වා. ඔයා සල්ලි දෙන්න එපා කියලා. එතකොට භාණ්ඩාගාර ලේකම් සල්ලි දෙන්නේ නෑ. මුද්‍රණාලේ අධිපතිනි කියනවා සල්ලි දෙනකම් ඡන්ද පත්‍රිකා දෙන්නේ නෑ කියලා. දැන් මොකක්ද වුණෙ?් ඊට පස්සේ වෙන දේ තමයි මුළු ඡන්ද ක්‍රියාවලියම අඩපණ වුණා. දැන් මැතිවරණ කොමිසම චක්‍ර ලේඛයක් ගහලා තියෙනවා මැතිවරණ පැවැත්වීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළ සංවිධානය කරලා තියෙන සියළු සංවිධාන කටයුතු විසුරුවා හරින්න කියලා. පොලිසිය ඡන්ද පැමිණිලි ලබා ගැනීම සඳහා ඒකකයක් හදලා තිබුණා. මීට කලින් ඡන්ද දිනේ කිව්වානම් ඒ දිනේට ඡන්දේ තිබ්බා. ඒ එතකොට ඡන්දයක් තිබ්බ නම් රනිල්ල නම් බලයේ ඉන්නේ රාජපක්ෂලාට බලය යන්නේ. බලයේ ඉන්නේ රාජපක්ෂලා නම් බලය යන්නේ රනිල්ලට. ප්‍රශ්නෙ ඉවරයිනේ. මේ ඡන්දේදි වුණත් රනිල් රාජපක්ෂ ආණ්ඩු වෙනුවට සජිත් ප්‍රේමදාස නම් ආණ්ඩුව පිහිටුවන්නේ ඡන්දේ තියනවා. නමුත් මෙවර ලංකා දේශපාලනයේ සුවිශේෂී හැරවුම සිදුවෙන්න යනවා. ඒ මොකක්ද පැරණි දේශපාලන කඳවුරු වෙනුවට නව දේශපාලන කඳවුරක් වන මාලිමාව බලය පිහිටුවන්න යන අභියෝගය ඔවුන්ට තියෙනවා.

දැන් බලන්න හේමා ප්‍රේමදාස. ප්‍රේමදාස මැරුනේ 93 දී. දැන් අවුරුදු තිහක්. මේ අවුරුදු තිහටම කන්න බොන්න දෙන්නේ වාහන දෙන්නේ ලයිට් වතුර බිල් ගෙවන්නේ ආණ්ඩුවෙන්. පුරාවස්තුද? මේ හේමා බලා ගන්න. ආණ්ඩුවට ගිහින් තියනවා මේ අවුරුද්දේ ලක්ෂ 82 ක්. ඊළ`ඟට බලා

ගන්නවා විශ්‍රාම ගිය ජනාධිපති චන්ද්‍රිකා. එයත් බලා ගන්නවා ඊළඟට මෛත්‍රීපාල පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. හිටපු ජනාධිපති හැටියට අර වරප්‍රසාදත් ලබා ගන්නවා. මහින්ද රාජපක්ෂටත් එහෙමයි. ගෝඨාභය රාජපක්ෂ පැනලා ගිය මිනිහා. ජොබ් එක දාලා ගිය මිනිහා. ජොබ් එක දාලා ගියාම විශ්‍රාම වැටුප් හම්බ වෙනවද? නෑ. හැබැයි එයාට හම්බ වෙනවා. අන්න ඒ නිසා අපි ආණ්ඩුවක් හදමු හිටපු ජනාධිපතිවරුන්ට සතයක් වියදම් කරන්නේ නැති. ඒගොල්ලන්ගේ දරුවන්ට කියමු ඒඅය බලා ගන්න කියලා.

මන්ත්‍රීවරුන්ට විශ්‍රාම දෙන එක නතර කරනවා. මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන එක නතර කරනවා. රට පුරා තියෙන ජනාධිපති මන්තිරවලට ධනපති සංචාරකයෝ ගේනවා. ජනාධිපතිට එක මන්දිරයක් ඇති. අපේ ආණ්ඩුවකින් මාස දෙකක් තුනක් ඇතුලේ fමි කියපු දේ ඔක්කොම කරනවා. ඊට පස්සේ ඔබතුමන්ලා හම්බ වෙනවා. හම්බ වෙලා කියනවා ගොවි මහත්තුරුන්ට කුඹුරට බහින්න. අපි පොහොර ටික දෙන්නම්. හොඳ බිත්තර වී දෙන්නම්. හොඳ වෙළඳපොළක් හදලා දෙන්නම්. ධීවර ජනතාවත් ඒ විදියට පෙළ ගස්වලා අපි ඔක්කම රට හදන්න ඕනේ එහෙම තමයි.

මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment