රනිල්ගේ  නිවසට  රථයට  වූ හානිය  මිලියන  205කි – සී.අයි.ඩීය  අධිකරණයට වාර්තා කරයි

369

පසුගිය ජුලි 9 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට සිදු කළ ගිනි තැබීමෙන් එම නිවසට රුපියල් මිලියන 14ක අලාභයක් ද රනිල් වික්‍රමසිංහ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ කාර් රථයට රුපියල් මිලියන 191ක අලාභයක් සිදුවී ඇති බවට තක්සේරු කොට ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තා කළේය.

රනිල්ගේ  නිවසට  රථයට  වූ හානිය  මිලියන  205කි - සී.අයි.ඩීය  අධිකරණයට වාර්තා කරයි

එම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පස්දෙනකුගේ ඇඟිලි සලකුණු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් එකී ඇඟිලි සලකුණු සංසන්දනය කිරීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා ඇති බවත් එහිදී අධිකරණයට පැවසූ විමර්ශන නිලධාරීන් හතරවන සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී වීඩියෝ දර්ශන හා හඬපට කිහිපයක් සොයාගෙන ඇතැයි ද අධිකරණයට පැවසීය.

රනිල්ගේ  නිවසට  රථයට  වූ හානිය  මිලියන  205කි - සී.අයි.ඩීය  අධිකරණයට වාර්තා කරයි

එකී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ සැකකරුවන් පස්දෙනකු ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද එහිදී නියෝග කළ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ගිනි තැබීමට ලක්වූ නිවස ආසන්නයේ හා මාර්ගයේ පිහිටි ආයතන හා නිවාස හතක සීසීටීවී දර්ශන විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසට ද නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment