රනිල්ගේ නිවසින් විස්කි බෝතලයක් ඉස්සූ අයෙක් රිමාන්ඩ්  

202

රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ දිනයේ එම නිවසේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගෝල්ඩ් ලේබල් විස්කි බෝතලයක් සොරකම් කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මධුශංක විජේසේකර නමැත්තා අද (24 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (23 දා) නියෝග කළේය.

සැකකරු එදින රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණ ඉන් පිටවී යන ආකාරය සී. සී. ටී. වී. දර්ශන අනුව හඳුනාගෙන ඇතැයි පෙන්වා දෙමින් විමර්ශන නිලධාරින් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment