රනිල්ගේ පත්වීමට එරෙහි නාගානන්දගේ  පෙත්සම විසිවෙයි

155

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම අභියෝගයට ලක් කරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19දා) ප්‍රතික්‍ෂේප කළේය.

පෙත්සම්කරු එම පෙත්සම ගොනු කර ඇත්තේ නිසි කාල සීමාව ඉක්මවා යෑමෙන් අනතුරුව වන බැවින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමේ හෝ පදනමක් නොමැති බව පෙන්වා දුන් ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment