රනිල්ට උපදෙස් දෙන්න  එරික් සෝල්හයිම්

207

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස එරික් සෝල්හයිම් මහතා පත් කර ඇත. ජනපතිවරයා සමග කොළඹ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරන එරික් සෝල්හයිම් මහතා මේ කරුණු අනාවරණය කර ඇත. ජනපතිවරයාගේ අනෙක් ජාත්‍යන්තර දේශගුණ උපදේශක වන්නේ හිටපු මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ් මහතාය. හරිත ආර්ථිකය ඇති කිරීම වෙනුවෙන් ජනපතිවරයා සතුව විශිෂ්ට දැක්මක් හා නායකත්වයක් ඇති බව එරික් සෝල්හයිම් මහතා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment