රනිල්ට දුරකථන ඇමතුමක්

289

ඉන්ධන ටික ගන්නත් කිලෝමීටර් දෙක තුන පෝලිම් තියෙනවා. ටෝකන් අංක දෙන්නත් ඒ විදිහට ම පෝලිම්. මේ ආණ්ඩුවට ටෝකන් දෙන එකත් හරියට කරන්න බැහැ. ආණ්ඩුවේ පාලනය ඔයා ගත්තොත් මොකද? බිරිඳ හදිසියේම ප්‍රශ්නයක් මතු කළා ය.

බිරිඳගේ කතාවේ යම්කිසි සත්‍යයක් ඇතැයි කියා මම සිතුවෙමි. ගැහැනු මොළේ හැඳි මිටේ දිගට… යන කතාව පට්ටපල් බොරු ය.

“දැන් ටෝකන් එකක් ගන්න යන වාහන අයිතිකාරයා වාහනයත් අරගෙන යන්න ඕනෑ. ඒ වාහනය එතැනට ගේන්නත් ඉන්ධන ඕනෑ… කවුද ඔය මෝඩ තීන්දු තීරණ ගත්තේ.’

‘ඇයි මේ විදිහට අහිංසක මිනිස්සුන්ට දුක් කරදර දෙන්නේ…

‘ඔයා මාධ්‍යවේදියෙක්. දැන්ම රනිල්ට කෝල් එකක් දාලා ඔය ‘ටෝකන්’ දෙන විදිහ තේරුම් කරලා දෙන්න.’

‘ඉන්ධන ගන්නට එයාටත් ටෝකන් ගන්න කියන්න. ඔයා කොහොම හරි ආණ්ඩුවේ පාලනය ගන්න.’

‘අපොයි මට සවුත්තු වෙන්න බෑ. අර අහිංසකයාට ආසයි බයයි කියලා කතාවක් හැදුවා වගේ මාධ්‍යයේ අපේ මිත්‍රයෝ මටත් ‘ආසයි බයයි’ කියලා කතාවක් හදයි…. මම කීවෙමි.

‘ඒක කියලා හරියන්නේ නෑ. අර අනුර මල්ලිත් රටේ නායකත්වය ඉල්ලලා තියෙන්නේ. ඔය විදිහට පහුවෙලා හුඟ දෙනෙක් රටේ පාලනය ඉල්ලන්න පුළුවන්.’ බිරිඳ කීවාය. බිරිඳ කියන්නේ ඇත්තක්ය. වාසුලා, විමල්ලා මුහුණ බෙරි කරගෙන ඉන්න මනුස්සයත්, අර එහාට මෙහාට පිනුම් ගහන මනුස්සයත්, අද හෙට ම ආණ්ඩුවේ බලය ගන්න පොරකන්න පුළුවන්.

එහෙම වුණොත් පදිකවේදිකාවේ අර මැජික් පෙන්නන මනුස්සයත් ආණ්ඩුවේ බලය ඉල්ලන්න පුළුවන්… පුංචි ළමයින්ගේ සෙල්ලම් ගෙදර වගේ…

‘ඔයා දැන්ම රනිල්ට කථා කරන්න’ කියමින් බිරිඳ ජංගම දුරකථනය අතට ගත්තාය.

‘මගේ අංකය දැකලා රනිල් ලයින් එකට එන්නේ නැහැ. එයා දන්නවා මම කෝච්චියක් කියලා.’

අර හිරුණිකා නංගි වගේ ඔයාත්, ධම්මික සල්වතුර අර ඔයාගේ යාළුවා පමුණුවිල ලයනල් පෙරේරා ඔයා නිතරම කතා කරන අකිත පෙරේරා දුම්හැල්පිටියේ ජූඩ් හෙට්ටිආරච්චි, දළුගම ජූඩ් ඩෙන්සිල් වගේ කට්ටිය එක්ක රනිල්ගේ නිවස ළඟට ගිහින් කෑගහන්න. ඕනෑ නම් එතැන ඉන්න පොලිස් නිලධාරියකුවත් සිප ගන්න. එතකොට රනිල් ලොක්කා අපොයි ඇයි නෝමන් මොකද මේ කියලා.

ඔයා කියන්න රටේ ප්‍රශ්න කාර් එකට ඉන්ධන නෑ කියන්න ඔය ටෝකන්වලට තියෙන පෝලිම් ටක් ගාලා නතර කරන්න ඔයාට පුළුවන් කියන්න.

ඔයා ඔය කතා කරන්නේ අපේ රටේ අගමැති රනිල් මහත්මයා ගැනද? මම බිරිඳගෙන් ඇසුවෙමි.

ඔව්…

‘කෙහෙල්මල ටැලිෆෝන් එකට එන්නේ නෑ කියලා මම කිව්වේ, අපේ මාධ්‍ය මිත්‍ර රනිල් ධර්මසේන ගැනයි.’

ඉතින් ඇයි ඔයාට එයා කථාකරන්නේ නැත්තේ.

එයාටත් මට වගේම ගෙදරත් කන්තෝරුවේත් දිගට ම වැඩ.

‘මම මේ කල්පනා කළේ රටපුරා ම ඔයාට යාළුවෝ කොච්චර හිටියත් ඵලක් නැහැනේ කියලා.

මොකද වාහනයට පෙට්‍රල් ටිකක් හොයලාවත් දෙන්න කවුරුත් නැහැනේ. බිරිඳ කීවාය.

මාධ්‍ය ආයතන අත්‍යවශ්‍ය සේවයක් නොවේ කියලා ආණ්ඩුවේ කවුදෝ එකෙක් කියනවා.

උතුරේ යුද්ධය කාලේ ඔය මැතිවරණ කාලේ මාධ්‍ය ආයතන අත්‍යවශ්‍ය සේවාවන් වශයෙන් ඔය කොයි කවුරුත් දන්නවා ඇත්ත කතාකරන කොට ඔය කොයි කවුරුත් මාධ්‍යයට කුඩම්මාගේ සැලකිලි අනේ! මෙහෙව් රටක්… මට ඉබේම කියවුණි.

රනිල්ට දුරකථන ඇමතුමක්

advertistmentadvertistment
advertistmentadvertistment