රනිල්ට සුබපතනවා : චන්ද්‍රිකාගෙන් ෆේස්බුක් සටහනක්

318

“මගේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් මම රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාට සුබාශිංසන පිරිනමමි” යැයි හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ඔහුට රාජ්‍ය පාලනය භාර ගැනීමට සිදු වූයේ අප රට පෙර නොවූ විරූ අන්දමේ අභියෝග රාශියකට මැදිව පවතින අවස්ථාවකදීය.

පෙර පැවති දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදීව පෙරළා දැමීමට බලපෑ ප්‍රධානතම හේතුව බහුතර ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය සහ ආශිර්වාදය මත තරුණ ක්‍රියාකාරිකයන්ගේ අසම සම ක්‍රියාදාමය බව වික්‍රමසිංහ ජනපතිතුමා අමතක නොකරනු ඇතැයි මම විශ්වාස කරමි.

මේ මහා ජනතා බලවේගයේ යහපත් අපේක්‍ෂාව වූයේ පාලකයන් තමන්ගේ සුබ සිද්ධිය සඳහා කටයුතු කරනවා වෙනුවට ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන නීතියේ ආධිපත්‍ය, අවංක බව, යහපාලනය රජයන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමයි. මෙය ඉතාමත් අසීරු කර්තව්‍යයක් බව අපි දනිමු.සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ අපේක්‍ෂාවන් සාර්ථකව ඉටුකිරීමට නම් දේශපාලන සහ සිවිල් සමාජ නායකයන් පුළුල් පාලන රාමුවක් තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත යුතු යැයි මම විශ්වාස කරමි. ඒ සඳහා වත්මන් පාලන ක්‍රමවේද අභිබවා යමින් නව ආයතන සහ පාලන ක්‍රමවේද නිර්මාණය විය යුතු වෙයි යනුවෙන් එම සටහනේ සඳහන් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment