රනිල් අරගලයම ඉල්ලෙන්නේ නම් අපි ඊට සූදානම්!

210

මහජන සභාව කැඳවුම්කරු රවි කුමුදේශ්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිදා සිටින අරගලකරුවන් උසිගන්වමින් ‘අරගලය’ම ඉල්ලා සිටින්නේ නම් තමන් එම අරගලයට සූදානම් බව ‘මහජන සභාව’ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

රටේ මිනිස්සු අරගල කළේ ජීවත්වීමට අමාරු නිසා සහ එය නිර්මාණය කළ රාජපක්‍ෂවරුන්ට එරෙහිව. අරගලය ඉල්ලුවේ මේ රට හරියට පාලනය කරන්න කියලා. දැන් ගෝඨාභය ‘හයිජැක්’ කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවෙලා යැයිද හෙතෙම පෙරේදා (28දා) කොළඹ දී පැවති විරෝධතාවකදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කුමුදේශ් මහතා මෙසේද කීවේය.

‘නිදාගෙන හිටපු’ ගෝල්ෆේස් අරගලකරුවන්ට ගැහුවේ පහුවදා ඒ තැන් භාරදීලා වික්‍රමසිංහට රට පාලනය කරගෙන යෑමට යම් කාලසීමාවක් දෙන බවට ප්‍රකාශකර තිබියදී. අද වනවිට අරගලකරුවන් හොය හොයා අසික්ෂිත ලෙස මර්දනය ක්‍රියාත්මක කරනවා. මේ සියල්ල කරන්නේ ජනාධිපතිවරයා. ඔහු යන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ගිය මඟ. නමුත් ඔවුන් ඉල්ලන්නේ අරගලය නම් මේ රටේ සමාජ පරිවර්තනය නිසි ලෙස සිදුවන තුරු අරගලය ලබාදෙන්න අපි ක්‍රියාකරනවා. අපි රනිල් ජනාධිපතිවරයාට කියනවා නායකත්වයට නුසුදුසු ඔබ ඉවත්ව යන්න කියලා. එහෙම නැත්නම් අනවශ්‍ය මර්දන සහ ‘ඩීල්’ නවතා නායකත්වය පෙන්වන්න.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment