රනිල් ඇතුළු ජන පීඩක ආණ්ඩුව විරෝධතාවට ම්ලේච්ඡ ලෙස පහර දෙන්න හේතුව කුමක්ද?

123

ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ

රනිල් ඇතුළු ජන පීඩක ආණ්ඩුවට එරෙහිව අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට පොලිසිය එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළාදකින බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (19 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙහිදී තවදුරටත් කතාකළ මහින්ද ජයසිංහ මහතා මෙසේ ද කියා සිටියේය.

අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ ලිප්ටන් වටරවුමේ ඉඳලා උද්ඝෝෂණයක් හා පා ගමනක් ආරම්භ කළා. මේ පා ගමන ආරම්භ කළේ රනිල් රාජපක්‍ෂ ජන පීඩක ආණ්ඩුවට එරෙහිව. විශේෂයෙන්ම මේ ආණ්ඩුව විසින් ජනතාව පීඩාවට ලක්කිරීමට එරෙහිවයි. මේ වනවිටත් බොහෝ විශ්වවිiාල වසා දමා තිබෙනවා. ඒවා අඛණ්ඩවම පවත්වාගෙන යන්න කියමින් පාසල් අඛණ්ඩවම පවත්වාගෙන යන්න කියමින් ඒ වගේම ඉල්ලීම් ගණනාවකටම විසඳුම් ඉල්ලමින් තමයි ඔවුන් ඒ විරෝධතාව පැවැත්වුවේ. ඒ විරෝධතා පා ගමනට කිසිදු හේතුවකින් තොරව ම්ලේච්ඡ ප්‍රහාරයක් පොලිසිය එල්ල කළා. ඔවුන් කිසිදු ලෙසක ප්‍රචණ්ඩකාරී ලෙස සහ ප්‍රකෝපකාරී ලෙස හැසිරුණේ නැහැ. එසේ තිබියදී කොළඹ යුනියන් පෙදෙසට ළඟාවෙනවත් එක්කම මේ විරෝධතා පා ගමනට රනිල් රාජපක්‍ෂ ආණ්ඩුව පොලිසිය යොදවලා ම්ලේච්ඡ ලෙස පහර දෙනවා. ඒ වගේම අනෙකුත් හමුදා ඛණ්ඩ යොදවලා ප්‍රහාර එල්ල කරන්න කටයුතු කරනවා. අපි අහනවා මොකක්ද මේ ප්‍රහාර එල්ල කරන්න හේතුව කියලා. කිසිදු හේතුවකින් තොරව තමයි මේ ප්‍රහාර එල්ල කරන්නේ. ලංකා ගුරු සේවා සංගමය හැටියට මෙය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා.

මේ රටේ ජනතාවගේ බදු මුදලින් තමයි පොලිසිය නඩත්තු වෙන්නේ. මේ රටේ ජනතාවගේ බදු මුදලින් තමයි කඳුළු ගෑස් ටික වතුර බවුසර් ටික පුරවන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව ප්‍රතික්‍ෂේප කරපු ජනාධිපතිවරයෙක් අද පාර්ලිමේන්තුව ඇතුළේ ඩීල් දාලා පාර්ලිමේන්තුව ඇතුළේ කුමන්ත්‍රණ කරලා පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරු බිලිබාගෙන ජනාධිපති පුටුවේ වාඩිවෙලා. එයා ඒක ඇතුළේ සෙල්ලම් දාන්න හදනවා නම් ඒ සෙල්ලම් වානා. ඒ සෙල්ලම් වහාම නතර කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සෙල්ලම් ටික කණපිට හරවන දවස වැඩි ඈතක නැහැ.

මේ එල්ල කරන ප්‍රහාර හමුවේ රටේ ජනතාව පලා යන්නේ නැහැ. අපි මේ රටේ වෘත්තීය සමිති විදිහට අනතුරු අඟවනවා රනිල් රාජපක්‍ෂ ජුන්ටාව පරද්දලා පාර්ලිමේන්තුව විසුරුවලා මේ රටේ ජනතාව කැමති කෙනෙක් පත්කර ගන්න මේ සටන අරගෙන යනවා.

ඊයේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු පිරිස් වහා නිදහස් කරන්න ඕනේ. මොකක්ද ඔවුන් කරපු වැරැද්ද? මහ දවල් මහ බැංකුව කොල්ලකාපු එකද? මිග් යානා

ගනුදෙනු කරලා කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු එකද? කුලුනු හදලා ඒවයින් හොරා කාපු එකද. ඔහු ප්‍රශ්න කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment