රනිල් ඉඩම් ඔප්පු බෙදන්නේ එම්සීසී යළි ගේන්නද? – ඕමල්පේ සෝභිත හිමියෝ අසති

161

රටේ ප්‍රශ්න ඇති තරම් විසඳීමට තිබියදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉඩම් ඔප්පු ප්‍රදානය කරන්නේ එම්. සී. සී. ගිවිසුම නැවත ක්‍රියාත්මක කිරීමටද යන්න සැකයක් මතුවන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (26 දා) පැවසූහ.

එම්. සී. සී. ගිවිසුමට අයත් වන පුත්තලම සහ කුරුණෑගල ප්‍රදේශ කේන්ද්‍රකරගෙන අගමැතිවරයා විසින් ඉඩම් ඔප්පු ලබාදී ඇති බවත්, මෙම ඉඩම් පසුව ඉඩම් හිමියන් විසින් ව්‍යාපාරිකයන්ට විකුණා ඇති බවට රටට ප්‍රකාශ කළ හැකි නිසා මෙම අනතුරු ඇඟවීම සිදුකරන බවත් උන්වහන්සේ කීහ.

‘සැමට හිමි බිමක්’ වැඩපිළිවෙළ යටතේ මෙම ඔප්පු ලබාදීම සිදුකරන බව මෙම ඉඩම් ඔප්පු දීමේදී ඒවා විදේශිකයන්ට විකිණිය නොහැකි සහ වසර 10ක් යනතෙක් වෙනත් පුද්ගලයන්ට විකිණිය නොහැකි බවට වගන්ති ඇතුළත් කළ යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

මෙම ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම පිළිබඳ විපක්ෂය පවා එතරම් උනන්දුවක් නොදක්වන බව පෙනී යන බවත් එම නිසා මේ ගැන මීට වඩා අවධානයෙන් සොයා බලන ලෙස තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment