රනිල් ජනපති වූ හැටි හෙළිවේ

814

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරයට පත්වීමට හැකි වූයේ සිය නිවසට ගිනි තැබීමෙන් පසු යැයි කොල්ලුපිටිය වාලුකාරාම විහාරය වාසී උඩවෙල කෝලිත හිමියෝ පැවසූහ.අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිටි ඒ මහතා සිය නිවසට ගිනි තැබීමෙන් පසු එම තීරණය වෙනස් කළ බව සදහන් කළහ.ඒ අනුව ජනාධිපති ධුරයට පත්වීමට හැකියාව ලද බවත් පැවසූහ.කවුරු කුමක් කීවද රනිල් වික්‍රමසිංහ මහතා තුළ ඇති බෞද්ධාගමට ලැදිකම නිවසට ගිනි තැබීමෙන් පසු ලොවටම දැකගත හැකි වූ බවද සදහන් කළහ. කෝලිත හිමියෝ මෙසේ පැවසූවේ ඊයේ කොල්ලුපිටිය වාලුකාරාමයේදී පැවැති උත්සවයකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment