රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

108

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් සහ සභා නායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එම වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම වැදගත් බවත්, මූල්‍ය ආධාර සඳහා අයි.එම්.එෆ්. සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුළ එම වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡුා කරන බවත් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේය.

රජය විසින් රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ යම් විසඳුමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව මුලින්ම ප‍්‍රකාශ කරන ලද්දේ රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි. ඒ මීට වසර එකහමාරකට පමණ පෙරදීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment