රනිල් – මහින්ද – මෛත්‍රී වත්කම් බැරකම් ප්‍රසිද්ධ කළ යුතුයි – ඉරාන් පාර්ලිමේන්තුවේදී කියයි

123

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතු යැයි විපක්ෂ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) කීය.

එවැනි ජ්‍යෙෂ්ඨ නායකයන් තම වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදී ප්‍රසිද්ධ කළහොත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ද එසේ කිරීමට සිදුවන බව ද හෙතෙම කීය.

එසේ වුවහොත් අල්ලස, දූෂණය නවත්වා මේ රට හදන්නට හැකි වන බව ද සඳහන් කළ අතර ඊට අදාළ නීති ඉක්මනින් සම්මත කළ හැකි බව ද මන්ත්‍රීවරයා කීය.

මෙහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මේ වන විටත් භාර දී අවසන් බවය. එම ප්‍රකාශ භාරදීම පමණක් නොව ඒවා ප්‍රසිද්ධ කළ යුතු යැයි ඉරාන් වික්‍රමරත්න මහතා ඊට පිළිතුරු වශයෙන් කියා සිටියේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment