රනිල් හංසයාගෙන් ජනාධිපතිවරණයට: සජබයෙන් අනාවැකියක්

207

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ‘හංසයා’ ලකුණින් තරග කිරීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවේ දී හෙතෙම මේ බව කීවේය. එහි දී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

මම අනාවැකියක් විදියට කියනවා ඉදිරි ජනාධිපතිවරණය හංසයා ලකුණින් තරග කරන්න ඔහු සූදානම් වෙන බව. ඒ සඳහා උතුරට බලය බෙදීම ගැන කතා කරනවා. ඒ උතුරේ අය සන්තෝෂ කරන්න. හංසයා ලකුණින් ආණ්ඩුවේ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් ඔහුගේ චාටු කතාවලින් තවදුරටත් ජනතාව රවට්ටන්න එන්න එපා. ජනතාව ජීවත් කරවීමේ වැඩසටහනකට යන්නයි වුවමනා. එවැන්නකට සමගි ජන බලවේගය අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.

අකිත පෙරේරා,

advertistmentadvertistment
advertistmentadvertistment