රනිල් 23 දා සිට යළි පාර්ලිමේන්තු එයි

106

එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයෙහි එම පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම මස 23 වැනිදා දිවුරුම් දීමට නියමිතය.

එදින පෙරවරු 10.00ට ඒ මහතා දිවුරුම් දෙන බව පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

වසරකට අධික කාලයක් මෙම ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය පුරප්පාඩුව පැවතුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment