රඳවා සිටින හිලෑ අලි මුදාහැරීමට ගත් තීරණය ගැන කලකිරිලා…. සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි අස්වෙයි

185

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයට පෙරේදා (08 දා) භාරදීමට කටයුතු කර තිබේ. පෞද්ගලික හේතුවක් මත ඇය ඉවත් වී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

අල්ලා ගන්නා ලද අලි නැවත පුද්ගලයන්ට මුදාහැරීමට ගැනුණු නියෝගය මත කලකිරීමට පත්ව ඇය ඉවත් වූ බවට සත්ව උද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment