රබර් – සහල් ගිවිසුමට වසර 70 ක් පිරීම සමරා චීනයෙන් ලංකාවට සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 10 ක්

588

සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ දහයක් පරිත්‍යාග කිරීමට චීන රජය එක`ගතාව පළකර ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

දෙරට අතර ඇතිකර ගත් රබර් සහල් ගිවිසුමට වසර 70 ක් පිරීම නිමිති කර ගෙන මෙම පරිත්‍යාගය ලබාදෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රබර් - සහල් ගිවිසුමට වසර 70 ක් පිරීම සමරා චීනයෙන් ලංකාවට සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 10 ක්
1952 එවක වෙළෙඳ ඇමැතිවරයා වූ ආර්. ජී. සේනානායක මහතා චීනය සමග රබර් – සහල්  ගිවිසුම අත්සන් කළ මොහොත

ජනාධිපතිවරයා සහ චීන විදේශ ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡුාවකදී මෙසේ පරිත්‍යාගයක් ලෙස සහල් ලබාදීමට චීනය එක`ගතාව පළකර ඇති බව මුදල් ඇමැතිවරයා සඳහන් කළැයි ඊයේ (19 දා) පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

චීනයෙන් ලැබෙන සහල්වලට අමතරව රජය තවත් සහල් ප‍්‍රමාණයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව ඇතැම් අය සඳහන් කරන පරිදි වෙළෙඳපොළේ සහල් කිලෝව රු.300 දක්වා කිසිසේත් ඉහළ නොයන අතර ලබන සිංහල අලූත් අවුරුදු සමය වනවිට සහල් මිල අඩුවනු ඇති බවත් අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

1952 දී චීනයේ බේජිං නුවරදී මෙම ගිවිසුම අත්සන් කරන ලද්දේ එවක වාණිජ ඇමැතිවරයා ලෙස සිටි ආර්. ජී. සේනානායක මහතා විසිනි.

එදා උග‍්‍ර සහල් හි`ගයකට අප රට මුහුණ දී සිටියදී එවක සිටි ආර්. ජී. සේනානායක ඇමැතිවරයා විසින් මෙරට රබර් චීනයට යවා චීන සහල් ලබා ගැනීමට එක`ගතාවක් ඇති කර ගන්නා ලදී. ඒ අනුව 1953 දී පමණක් ශ‍්‍රී ලංකාව චීනයෙන් සහල් ටොන් දෙලක්‍ෂ හැත්තෑහයක් මිලදී ගැනීමටත් චීනය ශ‍්‍රී ලංකාවෙන් රබර් ටොන් පනස්දහසක් මිලදී ගැනීමටත් එක`ග වී තිබේ.

1952 සිට බලයට පත් සෑම රජයක්ම එම ගිවිසුම යාවත්කාලීන කරමින් දෙරට අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කර ඇත.

එදා බටහිර රටවල් චීනයට විවිධ සම්බාධක පනවා තිබියදී අප රට ගත් සෘජු වෙළෙඳ ප‍්‍රතිපත්තිය අගයමින් චීනය මෙසේ සහල් මෙ. ටොන් ලක්‍ෂ හයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇත.

අරුණ බෝගවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment