රබා සහ මධූ චිත‍්‍රපටයේ හඬ කවන කොට මට අවුරුදු හතරයි – ලසඳුනි ජයවර්ධන

565

තාරාවෝ ඉගිලෙති මර්සිගේ චරිතය දැන් රඟපාන්නේ මම

 ඩොමී ජයවර්ධන මගේ සීයා

 තම මව පියාගේ ලේ උරුමයෙන් ලද කලා අභාසය නිසාම ඇයත් අද දවස වන විට ඒ අඩිපාරේ යමින් සිටින්නීය. අවුරුදු හතරක තරම් කුඩා වයසේදී හඬ කැවීම් තුළින් කලාවට පිවිසි ඇය මේ වනවිට රංගනය, ගායනය යන සියලූම ක්‍ෂේත‍්‍රයන් තුළ දස්කම් පාමින් සිටින්නීය. කඩහඬින් රසිකයන් අතරට එන ලසඳුනි ජයවර්ධන නමැති මේ තරුණ කලාකාරිණිය මෙවර කතාබහට එක්කර ගැනීමට අපි හිතුවා.

 * ලසඳුනි ජයවර්ධනගේ කලා පවුලෙන්ම මේ කතාව පටන් ගත්තොත්?

 මම දැනට කලා ක්‍ෂේත‍්‍රයේ වැඩිපුර වැඩකරලා තියෙන්නේ හඬකැවීම් ශිල්පිනියක් විදිහට. මට ආභාසය ලැබෙන්නේ මගේ පවුලෙන්. මගේ සීයා ඩොමී ජයවර්ධන. මගේ තාත්තා නිහාල් ජයවර්ධන. මගේ පියත් මුල් යුගයේ හඬ කැවීම් වගේම රංගනයෙන් දායක වෙලා තියෙනවා. මගේ බාප්පා රෝයි ජයවර්ධන. ඔහුත් වේදිකා නාට්‍ය නළුවෙක් වගේම හඬකැවීම් ශිල්පියෙක්. මගේ ආච්චිත් ටවර් හෝල් නිළියක්. මගේ තාත්තාගේ බාප්පත් පළමු වැනි සිංහබාහු. ඔහු නමින් චාලි ජයවර්ධන. මගේ අම්මත් ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වුණා.

 * ඔබ කොයි කාලෙද හඬ කැවීම් ශිල්පයට සම්බන්ධ වුණේ.

 මම හඬකැවීමට සම්බන්ධ වෙනකොට වයස අවුරුදු හතරයි. එතකොට මම මොන්ටිසෝරි යනවා. මුලින්ම හඬ කැවීම් කළේ රෝයි ද සිලවා ගේ රබා සහ මධු චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑ නිළියගේ ළමා කාලය නියෝජනය කරන්න. සුමනා අමරසිංහ ආන්ටිගේ ඔඩොක්කුවේ ඉඳන් තමයි මම හඬකැවීම් කළේ.

 * අද වෙනකොට ඔබ මේ රටේ ජනපි‍්‍රය චරිතවලට හඬකැවීම් කරනවා නේද?

 ඇත්තටම හඬකැවීම් ශිල්පය තුළ මට හොඳ චරිත ගණනාවක් ලැබුණා. පුංචිකාලෙත් මම හඬ කැවීම් කළා. පාසල් කාලයෙන් පසුව තමයි මට හුඟක් හොඳ චරිත ලැබුණේ. ඉසිවර වෙදදුරු දිවිනු වංගි, සිහින කුමරා, ජනහිතකාමී

 රැුජින, ධාරා, හිතට හොරෙන්, කිසා නාට්‍යයේ යෙලිස් චරිත වල හඬකැවීම් කළා. ඊට අමතරව මායාවරුන් ගේ ලෝකයේ, ආලියා වගේ නාට්‍යවලත් හඬකැවීම් කළා. තව කාටුන් රැුසකත් හඬකැවීම් කළා.

 * ලංකාවේ හඬ කැවීම් ශිල්පීන්ට ලොකු ඇගයීමක් නැහැ නේද?

 ඔව්. ඇගයීමක් නැහැ. මේ ගැන මම මීට කලිනුත් කතා කරලා තියෙනවා. ඇත්තටම ලෝකයේ හඬකැවීම් ශිල්පීන්ට තියෙන ඇගයීමට සාපේක්‍ෂව ලංකාවේ හඬ කැවීම් ශිල්පීන්ට තියෙන ඇගයීම හරි අඩුයි. ලංකාවේ හඬ කැවීම් ශිල්පය හොඳ තැනක තියෙනවා. නමුත් සාමාන්‍ය රංගන ශිල්පියෙකුට තියෙන ඇගයීමට සාපේක්‍ෂව හඬ කැවීම් ශිල්පියෙකුට තියෙන ඇගයීම අඩුයි.

 * ඇක්ටෝන් :්ජ ඔදබැ* ඔබේ හඬකැවීම් පුහුණු පාසල ගැන කතා කළොත්?

 පසුගිය මාර්තු මාසයේ ඉඳලා මම හඬකැවීම් පුහුණු පාසලක් පටන් ගත්තා.

 ඇත්තටම මගේ අධ්‍යාපනය තියෙන්නේ නාට්‍ය හා රංග කලාව. ඇත්තටම මගේ උපාධිය තියෙන්නේ රංගනය වෙනුවෙන්. සෞන්දර්ය කලා විශ්වවිiාලයේ ප‍්‍රාසාංගික කලා විශේෂවේදී උපාධිය හදාරලා තියෙනවා. සරසවියේ ලැබුණු අත්දැකීම් සහ හඬකැවීම් ජීවිතයේ ලද අත්දැකීම් එකතු කරලා තමයි මේ වැඬේ කරන්නේ. කොවිඞ් ප‍්‍රශ්නය හින්ද දැනට ඔන්ලයින් කරගෙන යන්නේ. ඉදිරියේදී කුඩා ළමුන්ටත් පටන් ගන්න හිතා

 ගෙන ඉන්නවා.

 * ඔබ ගොඩක් වේදිකාවටත් සම්බන්ධයි නේද?

 මම මුලින්ම වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ 2013 අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු සේහානි අප්පුහාමි ගේ හැපී ජර්නි කියන නාට්‍යයෙන්. ඊට පස්සේ මම ලූෂන් බුලත්සිංහලයන් ගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයට සම්බන්ධ වෙනවා. ඒක මට සුවිශේෂයි. මොකද මර්සි එදිරිසිංහ මහත්මිය ගේ චරිතය මම 2014 වසරේ ඉඳලා මේ වෙනකම් රඟපානවා. ඊට පස්සේ වසන්ත බණ්ඩාරගේ පුන්නිලා, අකිල සමුමල් ගේ ගිරිකූට කාශ්‍යප, නාලක විතානගෙගේ් ලොක්කා හෙළුවෙන්, සරත් කොතලාවලගේ සුදු වළහා හිරෙන් පනී කියන නාට්‍යවලට සම්බන්ධ වෙනවා.

 * වේදිකා නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරනවා. එය ඇගයීමකට ලක්වුණා?

 මම අධ්‍යක්‍ෂණය කළ නොට් අවුට් කෙටි නාට්‍යට 2012 යෞවන සම්මාන උළෙලේදී අවසන් පූර්ව වටයේ හොඳම රංග වස්ත‍්‍ර නිර්මාණ, පසුතල නිර්මාණ ඇතුළුව සම්මාන පහක් ලැබෙනවා. ඒ වගේම හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදන කාණ්ඩයේ තුන්වන ස්ථානයත් හිමිවෙනවා.

 * ටෙලි නාට්‍ය රංගනය ගැන කතා කළොත්?

 පාසලෙන් ඉවත්වුණ ගමන් සරා සහ මලී කියන ටෙලි නාට්‍ය දෙකට සම්බන්ධ වුණා. ඊට පස්සේ කාලයක් මම ටෙලි නාට්‍ය වලින් ඉවත් වුණා කැම්පස් එසේ වැඩකටයුතු හින්දා. මෑතකදී මම ගිරිදේවි ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. කියා ේදන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයෙත් වැඩ කළා. ලක්‍ෂ්මන් පුෂ්පකුමාරගේ ධවල රාත‍්‍රිය ටෙලි නාට්‍ය විකාශනය වීමට නියමිතයි.



 දිනේෂ් විතාන

 ඡායාරූප – බුද්ධි සංජය
 හැඩගැන්වීම – සතාරි අමායා

advertistmentadvertistment
advertistmentadvertistment