රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය 3ක් අතුරුදන්

104

කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට පැමිණි තිදෙනකු ඊයේ (12 දා) සවස දියේ ගිලී අතුරුදන් වී ඇතැයි කොත්මලේ පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන් වී ඇත්තේ වවුනියාව ඇ`ගලූම් කර්මාන්තශාලාවක සේවය කළ තරුණියන් දෙදෙනකු සහ එක් පිරිමි අයෙකි. අතුරුදන් වී ඇති තිදෙනා ඇඟලූම් කර්මාන්තශාලාවේ තවත් පිරිසක් සමග පැමිණ දිය නාමින් සිටියදී මෙසේ අතුරුදන් වී තිබේ. පැමිණි පිරිස බීමත්ව සිටි බවට ද පොලිසියට නිරීක්ෂණය වී ඇත.

කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති රූපසේන මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු සහ ගම්වාසීහු කටයුතු කරමින් සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment