රඹුක්කනට හෙට හමුදා ආරක්ෂාව

449


රඹුක්කනදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය චමින්ද ලක්‍ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන හෙට දිනයේ රඹුක්කන, කෑගල්ල සහ දේවාලේගම පොලිස් බලප්‍රදේශවලට හමුදා ආරක්‍ෂාව යෙදවීමට තීරණය කර තිබේ.
එම ප්‍රදේශවල මහජන ආරක්‍ෂාව සහ සාමය පවත්වාගෙන යෑම සඳහා හමුදා සහාය ලබා දෙන ලෙසට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ආරක්‍ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙසේ එම ප්‍රදේශවලට හමුදාව යෙදවීමට තීරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment