රඹුක්කන ඝාතනය: SSP කීර්තිරත්න ඇතුළු පොලිසියේ 3 ක් අත්අඩංගුවට

337

රඹුක්කනදී පැවැති මහජන උද්ඝෝෂණයට වෙඩි තැබීමට පොලිස් නිලධාරීන්ට නියෝග කළ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා කොළඹදීත්, පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කුණ්ඩසාල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අද (29 දා) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රඹුක්කනදී පැවැති උද්ඝෝෂණයට පොලිසිය වෙඩි තැබීම නිසා පුද්ගලයකු ඝාතනයට ලක්වූ අතර මෙම වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉකුත් 27 වැනිදා නියෝග කළාය. මෙම අධිකරණ නියෝගය ඊයේ (28 දා) පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලැබී තිබූ අතර ඒ අනුව මෙම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට

ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

හේමන්ත රන්දුණු, සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment