රඹුක්කන පස් කන්දට යටවී මියගිය තිදෙනාගේ ශෝකාන්තය

349

රාත‍්‍රියේ කෑම ගත් නංගී බොහෝ වෙලාවක් කතාකර නින්දට ගියා

අපේ ගෙදර ගොස් සිටි නංගිලා 8 වැනිදා උදේ 7.30 ට රඹුක්කන එන්න පිටත්වුණා. පසුව දහවල් 11 ට පමණ කරදරයක් නොමැතිව උඩගල්දෙණිය නිවසට ආවා කිව්වා. නැවත රාත‍්‍රියේදී කතාකර අපි ?ට උයලා කාලා දැන් නිදා ගන්න ලැහැස්තියි කියලා වෙනදාට වැඩියෙන් ගොඩක් කතා කළා. ඒ අවසාන නින්ද බව මම දැන සිටියේ නැතැයි රඹුක්කන උඩගල්දෙණිය ප‍්‍රදේශයේ නාය යාමකින් මියගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැති අවස්ථාවේ මියගිය කාන්තාවගේ සහෝදරයකු වූ

රාජාංගනය වම් ඉවුර සාලිය අසෝක පුර පදිංචි ජවරංගේ සුසන්ත පියසිරි මහතා(43) සාක්ෂි දෙමින් පැවසීය.

මෙම මරණ පරීක්ෂණය කෑගල්ල මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය පරිදි පොලිසිය විසින් සිදු කරන ලදී. මෙම අනතුරින් මියගොස් ඇත්තේ රඹුක්කන යටිගල්දෙණිය පදිංචිව සිටි ජවරංගේ සුරංගිකා ලක්මිණි ප‍්‍රියන්ති(36) දියුණුගල්ගේ කසුනී භාග්‍යා මාරසිංහ(8) රාජාංගනය අශෝකපුර වම්ඉවුර පදිංචිව සිටි ජවරංගේ මධුෂි සසංජලී(13) යන තිදෙනාය. සුසන්ත පියසිරි මහතා අධිකරණ වෛද්‍ය සංකීර්ණයේදී තවදුරටත් සාක්ෂි දෙමින්, අපේ නැන්දා කෙනෙක් ඉන්නවා රඹුක්කන. ඇය 09 දින උදේ 8 ට විතර මට දුරකතනයෙන් කිව්වා නංගිලාගේ ගෙදරට ගලක් පෙරළිලා ඉක්මනට ඇවිත් බලන්න කියා. මමත් බිරිඳත් සමග උඩගල්දෙණියට ආවා. එතන විශාල විනාශයක් වී තිබුණා. අපි ඊට පසුව කෑගල්ල රෝහලට ආවා. එතන සිටිය පොලිස් නිලධාරියකුගෙන් විමසා බැලූවා. ඔහු කිව්වා නංගිත්, දුවලා දෙන්නත් පස් කන්දට යටවී මියගිය ගොස් ඈති බව. කෑගල්ල රෝහලේ දී මම මෘත දේහ හඳුනා ගත්තා.

රාජාංගනය සාලිය අසෝක පුර මමත් මගේ බිරිඳත් දරුවන් තිදෙනාත් ජීවත් වෙනවා. බිරිඳ රැුකියාවක් කරන්නේ නැහැ. මගේ දෙවැනි දුව සසංජලීත්, නංගීත්, ඇයගේ එකම දියණියත් මියගොස් තිබෙනවා. මගේ දෙවැනි දුව සාලිය අසෝකපුර නවෝද්‍යා පාසලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ගනිමින් සිටියා.

මගේ නංගී මෙයට වසර දහයකට පෙර සුදත් මාරසිංහ යන අය සමග විවාහ වී සිටියා, මස්සිනා රඹුක්කන ප‍්‍රදේශයේ ලී මඩුවක වැඩ කරමින් සිටියා. මියගිය නංගිට එකම දුවයි සිටියේ. අපි නිතර එහෙ යනවා. ඒ අයත් අපේ ගෙදර එනවා.

මගේ තෙවැනි දුව වැඩිවියට පත් වුණා. ඒ සඳහා පොඩි උත්සවයක් ගත්තා. ඒකට නංගි දුවත් එක්ක ආවා. මස්සිනා ආවේ නැහැ, වැඩ තියෙනවා කියා.

රාජාංගනය පාසල් වසා තිබෙන නිසා මමත් බිරිඳත් නංගිත් එක්ක යන්න දුවට අවසර දීලා කිව්වා සතියකින් විතර ඔයා එක්කන් යන්න එනවා කියලා. මෙම මරණයන් ගැන සැකයක් නැහැ. මා විශ්වාස කරනවා පස් කන්දට යටවීමෙන් මෙම මරණ සිදුවී ඇති බවට යයිද පැවසීය.

මියගිය කාන්තාවගේ බාල සහෝදරයකු වන ත‍්‍රිකුණාමලය නාවික හමුදාවේ සේවය කරන සුදත් සුදර්මන් මහතා ද සාක්ෂි ලබා දුන්නේය.

කෑගල්ල රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි, වෛද්‍ය එන්.ඩබ්ලිව්. තරංග බණ්ඩාර නායකරත්න මහතා පවසා සිටියේ මුහුණට පස් වැටීමෙන් මෙම කාන්තාවගේ මරණය සිදුවී ඇති අතර අනිත් දෙදෙනාගේ පපු ප‍්‍රදේශයට ගල් හා පස් තදවීමෙන් මරණ සිදුවී ඇති බවයි. රඹුක්කන පොලිසියේ පොලිස් සැරයන් එම්.ආර්. සමරකෝන් (260497) මහතා විසින් ප‍්‍රකාශ ලබා ගන්න ලදී.

කෑගල්ල – එම්.බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment