රඹුක්කන පොලිස් වෙඩි තැබීම – දෙපැත්තෙන්ම ගල් ගසද්දී  දිව ගිය සුද්දාට වෙඩි තිබ්බා

1058

‘දෙපැත්තෙන්ම ගල් පහරවල් එල්ල වුණා. මම ළඟ සිටි ‘සුද්දා’ට කිව්වා ඈතට දුවලා යන්න කියලා. ඔහු ඈතට දිව යද්දී වෙඩි පහරවලට ඉලක්ක වුණා’ යයි රඹුක්කන ඝාතන සිද්ධිය ඇසින් දුටු අයෙක් කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවේ පැවසීය.

රඹුක්කන විරෝධතාවේදී පොලිස් වෙඩි පහරවැදී ජීවිතක්ෂයට පත්වූ චමින්ද ලක්ෂාන් හෙවත් ‘සුද්දා’ නමැත්තාගේ මරණය පිළිබඳව සිද්ධිය වූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (20 දා) පැවැති අවස්ථාවේ මියගිය ලක්ෂාන් සිටි ස්ථානයට නුදුරින් සිටි අයෙකු ඇසින් දුටු සාක්ෂි දෙමින් එසේ කියා සිටියේය.

මහෙස්ත්‍රාත්වරිය ඇසින් දුටු සාක්ෂිය විමසූ අවස්ථාවේ අවට සිටි ඇතමෙකු පොලිස් නිලධාරීන්ට හා නීතිවේදීන් කිහිප දෙනෙකුට අද රඹුක්කනට ඇඳිරි නීතිය බොහෝ අයට එළියට බහින්නවත් විදියක් නැහැ’ යනුවෙන් කියනු ඇසිනි.

මෙහිදී එම මොහොතේ සාක්ෂි දීමට අපහසු අයට රහසිගතව ඊට සාක්සෂි දීමට අවස්ථාව දෙන බව එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඔවුනගේ ආරක්ෂාව හා රහස්‍ය බව ද රැකෙන බව ද දැන්වූවාය.

හේමන්ත රන්දුණු,  එම්. බී. පහළවත්ත- කෑගල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment